Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
තනතුරු වලින් ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු යළි වැඩ භාරගැනීම කල්යන ලකුණු ? - Video

- තනතුරු වලින් ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු යළි වැඩ භාරගැනීම කල්යන ලකුණු ? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,459 Views
නැවතත් අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් පසුගියදා තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ මට්ටමින් වෙන වෙනම සාකච්ඡා කර තීන්දුවකට එළඹීමටයි තීරණය කර ඇත්තේ.

සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

ඊට පෙර තීරණය කර තිබුණේ අදාළ සාකච්ඡාව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්වීමටයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී කාමරයක පැවති අදාළ සාකච්ඡාව සඳහා පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ නියෝජිතයින්ට අමතරව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එක්ව සිටි බව හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළා.

බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් මෙන්ම හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඉවත් කරන ලෙස බල කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකළ උපවාසයෙන් අනතුරුවයි සියළුම මුස්ලිම්, කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වූයේ.

කෙසේ නමුත්, මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම පිළිබදව කණස්සල්ල පළ කළ ත්‍රෛනිකායික මහා සංඝරත්නය නැවතත් ඔවුන්ගේ වගකීම් භාරගෙන රටට සේවය කරන ලෙස ඉල්ලීමක් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top