පන්සලේ සිටි වයස අවුරුදු 7ක පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පොලිස් නිලධාරියා මේ මස 28 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය සැකකරු පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් එදිනට සමාජ වාර්තාවක් කැඳවන ලෙසද ඊයේ (17 දා) නියම කර තිබෙනවා.
කුලියාපිටිය ගල්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කළ අතර ඇන්නරුව විහාරස්ථානයක සැකකරු ආරක්‍ෂක කටයුතු වල නිරත වෙමින් සිටියදී පැවිදි වීමේ අපේක්‍ෂාවෙන් විහාරස්ථානයේ රැඳීසිටි බාලවයස්කාර දරුවකු සැකකරු විසින් අපයොජනයට ලක්කර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබෙන්නේ.
සිද්ධියට අදාල වින්දිත දරුවා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතැයිද පොලිසිය එහිදී අධිකරණයට කරුණු දක්වා ඇති බවත් සදහන්. සැකකරුද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.