Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"පගා මරුවන්ගෙන් පිරිලා, බදියුදින්ලාගේ උදව් පදව් නැතුව මේවා මෙහෙම කරන්න බෑ.." - හිරු CIA අනාවරණයෙන් පසු මන්ත්‍රී විමල් වීරවංශ විල්පත්තුවට ගිය ගමන - Video

- "පගා මරුවන්ගෙන් පිරිලා, බදියුදින්ලාගේ උදව් පදව් නැතුව මේවා මෙහෙම කරන්න බෑ.." - හිරු CIA අනාවරණයෙන් පසු මන්ත්‍රී විමල් වීරවංශ විල්පත්තුවට ගිය ගමන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,278 Views
මෙතනම අඩි හතරකට වඩා හාරලා..

එක පැත්තකින් පස් කපනවා, තව පැත්තකින් ගස් කපනවා..

විල්පත්තුවේ පරිවාර රක්ෂිත වනාන්තරයක් වන කල්ලාරු රක්ෂිතයෙහි සිදු කෙරෙමින් පවතින නිවාස ව්‍යාපෘතියක් පිළිබද හිරු CIA හරහා සිදු කල අණාවරණයෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වුණා.

රක්ෂිත කළාපය තුළ කොන්දේසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන පස් ජාවාරමක් පිළිබදවද එහිදී අනාවරණ වුණා.

විල්පත්තු රක්ෂිතයට අයත් පරිවාර රක්ෂිත කලාපවල සිදුවන වන විනාශය පිළිබඳ හිරු සී.අයි.ඒ. හරහා පළමු වරට අනාවරණය කළේ 2015 වර්ෂයේ අප්‍රේල් 23 වැනිදායි.

අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර පළාත්වල කැලෑ හෙලි පෙහෙළි කිරීම නවත්වන ලෙස චක්‍රලේඛයක් ද නිකුත් කළා.

කෙසේ වෙතත්, නිවාස සංවර්ධන අධිකාරියේ අවසරයෙන් විල්පත්තු රක්ෂිතයට අයත් පරිවාර කලාපයක් වන කල්ලාරු රක්ෂිතයේ වනාන්තර හෙළි පෙහෙළි කරමින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අප නැවතත් හිරු සී.අයි.ඒ. හරහා පසුගිය මැයි 31 වැනිදා රටට අනාවරණ කළා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මෙහිදී එම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙක්ගෙන් ද මන්ත්‍රීවරයා මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිළිබඳ විමසා සිටියා.

මන්ත්‍රීවරයා මෙම සංචාරය අතරතුරදී උනයිත්නගර් නමින් හදුන්වන ප්‍රදේශයක කුඹුරු ඉඩම් සංවර්ධනය කරන මුවාවෙන් සිදුකරගෙන යන මහා පරිමාණ පස් ජාවාරමක් පිළිබදව ද තොරතුරු අනාවරණ වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top