ප්‍රකාශයක් ලබාදීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු පෙරවරු 9.45ට පමණ එහි පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සෞදි ජාතිකයින් පිරිසක් හමුවීමේ සිද්ධියට සහ ඉන්දීය මාධ්‍යයකට මුස්ලිම් ජාතිකයින් 100 දෙනෙකුට ආයුධ ලබාදුන් බවට සිදුකළ ප්‍රකාශය ඇතුළු සිද්ධීන් 3කට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සිදුකරන පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශය ලබා ගන්නා බව පොලීසිය සදහන් කළා.
..