කැළණිය - පොල්හේන - රුක්මල් පෙදෙසේ නිවසක දී ඉටි පහනක් පෙරළී සිදුවූ අනතුරකින් පිළිසුම් තුවාල ලැබූ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) රාත්‍රියේ නිවසේ විදුලිය විසන්ධි වූ අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය 74 හැවිරිදි කාන්තාව අංශභාග රෝගයෙන් පෙළෙන බව ද අනාවරණ වී තිබෙනවා.
ඇය නිවසේ සිටියදී ඇගේ දුව සහ බෑණා ඊයේ (14) රාත්‍රියේ අසළ නිවසක පැවති උත්සවයකට සහභාගි වීම සඳහා ගොස් සිටි බව සඳහන්.
තනිව නිවසේ සිටි ඇය මෙම අනතුරට මුහුණ දී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.