Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලෝක කුසලාන තරඟාවලියේදි කුඩම්මාගේ සැලකිලි ඇයි..?" - ICCයට පැමිණිල්ලක්

- "ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලෝක කුසලාන තරඟාවලියේදි කුඩම්මාගේ සැලකිලි ඇයි..?" - ICCයට පැමිණිල්ලක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,652 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියේදී කුඩම්මාගේ සැලකිලි දැක්වීම සම්බන්ධයෙන් සිදුකළ නිළ පැමිණිල්ලට, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
 
ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල්, අයි.සී.සී.ය වෙත පැමිණිලි කළේ පූර්ණ සාමාජික රටවල් 10ක් තරඟාවලියට එක්වුවද ඇතැම් කණ්ඩායම්වලට වැඩි සැලකිලි දැක්වීමට එමගින් කටයුතු කර ඇති බවටයි.

එමෙන්ම, ශ්‍රී ලංකා පිළට පුහුණුවීම් සඳහා ලබාදී ඇති තණතීරු, නවාතැන් පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම් ද දුර්වල මට්ටමක පවතින බවට අසන්ත ද මෙල් පැමිණිලි කර තිබුණා.
 
විශේෂයෙන් ඕස්ට්‍රේලියාව සමඟ අද තරඟය පැවැත්වෙන ඕවල් තණතිල්ල ඕස්ට්‍රේලියාවට වාසිදායක අන්දමින් සකස් කර ඇති බවටයි ශ්‍රී ලංකාව චෝදනා කළේ.
 
කෙසේ නමුත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සදහන් කළේ ස්වාධීන උපදේශකයන්ගේ උපදෙස් අනුව තණතිලි සකස් කර ඇති අතර, සියළු කණ්ඩායම්වලට සමාන අන්දමින් සැලකීමට පියවර ගෙන ඇති බවයි.
 
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top