අවුරුදු 08 ක් වයසැති බාල වයස්කාර දැරියකගේ සිරුර ස්පර්ශ කර අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා පසුගිය 12 වැනිදා නියම කළා.
පත්තඬුවන ප්රදේශයේ පදිංචි 66 හැවිරිදි විවාහක සැකකරුට මෙසේ ඇප නියම වූ අතර නැවත ඔක්තෝබර් මස 16 වැනිදාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කෙරුණා.
සැකකරු වින්දිත දැරියව බිය ගන්වා සැකකරුගේ නිවසට එම දැරියව රැගෙන ගොස් අතවර කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න මහතා පොලිසිය ගොනුකර තිබූ චෝදනා ප්රතික්ෂේප කරනු ලැබුවා.