Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
බිරිඳගේ යකඩ පොලු පහර කෑ සැමියා පැය තුනක් රුධිරය වහනය වෙමින් තිබී මියයයි

- බිරිඳගේ යකඩ පොලු පහර කෑ සැමියා පැය තුනක් රුධිරය වහනය වෙමින් තිබී මියයයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,388 Views
සිය නිවස තුළදී බිරිඳගේ පහරකෑමට ලක්ව සැමියා මියගිය සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කළ බව වටවල පොලිසිය පවසයි. වටවල පොලිස් වසමට අයත් අංක 256, හැටන් පාර, වටවල නිවසේ පදිංචිව සිටි ආරුමුගම් ජේරාමන් නමැති තිදරු පියෙක් මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි සදහන් වන්නේ.
 
පසුගියදා නිවස තුළදී බිරිඳ හා සැමියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන්, බිරිඳ විසින් යකඩ පොල්ලකින් එල්ල කළ පහරදීමක් නිසා මෙසේ සිදුව ඇති බවත් පැවසෙනවා. මෙහිදී හිස හා ගෙළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී, නිවස තුළම පැය තුනක පමණ කාලයක් රුධිරය වහනය වෙමින් තිබී මියගොස් ඇති බව පොලිසිය පවසයි. පසුව ඇය කිලෝමීටර් එකහමාරක පමණ දුරින් පිහිටි පොලිසිය වෙත ගොස් සිද්ධිය පවසා තිබෙනවා. අනතුරුව සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන්.
 
හැටන්, වටවල ප්‍රධාන මාර්ගයට යාබදව ආපන ශාලාවක් පවත්වාගෙන යෑම බිරිඳගේ රැකියාව වන අතර මරණකරු කොළඹ ප්‍රදේශයේ කම්කරුවකු ලෙස සේවය කළ අයෙක් බවයි සදහන් වන්නේ.
ඔහු මාසයකට දෙතුන් වරක් නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන සිටි බවත්, නිවසට පැමිණ සිටි අවස්ථාවේ මෙම සිදුවීම ඇති වී තිබෙන බව ඥාතීහු ප්‍රකාශ කර සිටිනවා.
 
හැටන් දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘතදේහය අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහල වෙත යොමුකරන ලෙස පොලිසියට නියෝග කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top