පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අද සාක්ෂි ලබාදුන්නා.
කෙසේ වෙතත් අද දිනයෙත් සාක්ෂි විමසීම සිදුවුණේ ජනාධිපතිවරයා අදාළ තේරීම් කාරක සභාවට දැඩි විරෝධය පළ කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්.
අද පස්වරු 3.45 ට පමණ සාක්ෂි විමසීම ආරම්භ වූ අතර එහිදී ප්‍රථමයෙන් සාක්ෂි විමසීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කැඳවා තිබුණා.
එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයාගේ අත්සනින් යුතුව පසුගිය මස 31 වැනිදා රජයේ නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛනයක් පිළිබඳ ප්‍රශ්න කෙරුණා
ඒ එම චක්‍රලේඛනය මගින් කාන්තාවන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීම පිළිබඳවයි.