Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
13
"යුදෙව් යුවතියක් සමඟ පැවති පාසල් ප්‍රේමය වැරදුන නිසා යුදෙව්වන්‍ට වෛර කළා.." - මහා සංහාරයක් කළ හිට්ලර් ගැන පුදුම හිතෙන සැඟවුණු රහස් - Photos

- "යුදෙව් යුවතියක් සමඟ පැවති පාසල් ප්‍රේමය වැරදුන නිසා යුදෙව්වන්‍ට වෛර කළා.." - මහා සංහාරයක් කළ හිට්ලර් ගැන පුදුම හිතෙන සැඟවුණු රහස් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
1933 ජර්මනියේ බලයට පත්වන ඇඩොල්ෆ් හිට්ලර් සිය නාසි පක්ෂ‍ය එරට එකම දේශපාලන පක්ෂය බවට පත් කොට අනිකුත් දේශපාලන පක්ෂ තහනම් කරමින් නිර්මල ආර්යන් ගෙන් පැවතගෙන එන ජාතියක් බවට ජර්මන් ජාතිකයන් නම් කරමින් පළමු ලෝක යුද්ධයෙන් බැට කා සිටි ජර්මන් ජාතිකයන්ගේ සිත් සතන් තුළ ජාතිකානුරාගී හැඟීම් ඇති කළා.
 
ඒ වෙනුවෙන් ඔහු යුදෙව් විරෝධීවාදයක් රට තුළ ව්‍යාප්ත කළ අතර යුදෙව්වන් සමූළ ඝාතනය කරන්නට වදකාගාර තුළ සහ ගෑස් කාමර තුළ ඔවුන් ව මරා දමන්නට ද හිට්ලර් යොමු වුණා.

ඔහු නිතරම සිය ජනතාව සහ හමුදාව අමතා කියා සිටියේ ජර්මන් ජාතිය ලොව ඉහළම ජාතිය බවයි.

එමෙන්ම සෙසු යුරෝපා ජාතීන්ට මෙන් ඔවුන්ට යටත් විජිත නොමැති බවත් එනිසා ජර්මානුවන් එකාමෙන්ම එක්ව සිය පීතෘ භූමිය ගොඩනැගිය  යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ කියන්න හදන්නේ ඇඩොල්ෆ් හිට්ලර් ගේ දේශාපාලන හෝ යුධමය කතාවක් ගැන නම් නෙවෙයි. 

හිට්ලර් ගේ ගැන ගොඩක් අය නොදන්න කරණු ටිකක්.

දෙවන ලෝක සංග්‍රාමයට පාර කැපුව හිට්ලර් මිණී උඩින් ඇවිදගෙන ගිය දුර්ධාන්ත පාලකයෙක් කියල තමයි ගොඩක් අය දන්නේ. ඒත් හිට්ලර් කවදාවත් මස් මාංශ ආහාරයට නොගත් තැනැත්තෙක් කිව්වොත් හැමෝම පුදුම වෙයි. හිට්ලර් කවදාවත් මස් කාල නෑ. ඔහු ඒ බව ඔහුගේම දිනපොත්වලත් සටහන් කරල තිබෙන අතරම ඔහුගේ බලවත් කැමැත්තක් තිබුණා, දෙවන ලෝක යුද්ධය අවසානයේදී සියළුම ජනතාවට මස් මාංශ අනුභව නොකරන ලෙසට ධර්මයක් පනවන්නට.

ඒ වගේම හිට්ලර් දුම්පානයට තදින්ම විරුද්ධ වූ පුද්ගලයෙක් වුණා. ඔහු හිතුවේ දුම්පානය කියන්නේ කාලය සහ මුදල් වැය කරල දාන හිස් දෙයක් බවටයි. ඒ වගේම යුරෝපයේ අනිකුත් රාජ්‍ය නායකයෝ වගේම වෛද්‍යවරු පවා දුම්පානය හොඳ දෙයක් කියල සමාජ ගත කරන්න යද්දි හිට්ලර් දුම්පානයට විරුද්ධව ව්‍යාපාර පවා කළා. ඒ විතරක් නෙවෙයි හිට්ලර් තමන්ගේ නාසි හමුදාවට ලබා දෙන සිගරට් ප්‍රමාණයද සැලකිය යුතු ප්‍රමානයකින් අඩු කළා.

දේශපාලනිකව යුදෙව්වන් පෙන්නන්න බැරි වුණ හිට්ලර් යුදෙව් දැරියක් සමග මිතුරු වී තිබෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒ කතාව සැකෙවින් මෙසේ කිව හැකියි. හිට්ලර් ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන්නට වර්ෂ 1933 අප්‍රේල් 20 වන දින දී ජර්මනියේ, බැවේරියාවේ හිට්ලර්ගේ නිවෙස අසල ජනතාව රැස්ව සිටියා. ඒ අවස්ථාවේදි එහි පැමිණි හිට්ලර් ට කුඩා දැරියක් නෙත ගැටෙන අතර ඇය සමග කුලුපඟවන හිට්ලර් කෙටි කළකින්ම ඇය සහ මිතුරු වෙනවා. ඇගේ නම 'රෝසා' වන අතර හිට්ලර් ඇයව අමතා ඇත්තේ "ස්වීට්හාර්ට්" යනුවෙන් වන අතර නාසි හමුදා නිලධාරීන් ඇයව අමතා ඇත්තේ "නායකයාගේ දැරිය" යනුවෙන්. ඔහු දැරිය සමග මෙතරම් මිත්‍ර වන්නට හේතු වී තිබෙන්නේ දැරියගේ උපන් දිනයද අප්‍රේල් 20 දිනටම යෙදීමයි. 

ලෝකෙටම ලොක්කා වෙන්න වැඩ කරපු හිට්ලර්ට වාහන පදවන්න බැහැ. ඔහු කවදාවත් වාහනයක් පදවලා නැහැ. ඒ නිසාම ඔහු වෙනුවෙන් හැමදාමත් පෞද්ගලික රියදුරෙක් ගෙන්වා ගන්න ඔහුට සිදු වුණා.

ඒ විතරක් නෙවෙයි යුදෙව්වන් සමූල ඝාතනය කරපු යුදෙව්වන්ට වෛර කරපු හිට්ලර් පාසල් කාලයේදී යුදෙව් ජාතික තරුණියකට ආදරේ කරලා තියෙනවා. නමුත් මේ තරුණියට හිට්ලර් ඒ බව පවසලා නම් නැහැ. ඒකට හේතුව පාසල් කාලයේදී ඔහු ගොඩක් ලැජ්ජාකාරයෙක් කියල තමයි කියන්නේ. ඒ වගේම ඔහුගේ මේ පාසල් ප්‍රේමය හරි ගියේ නැති නිසා ඔහු යුදෙව්වන්‍ට වෛර කළා කියලත් සමහරු කියනවා.

ජර්මන් ජාතිකයන්ට ජාතිකානුරාගය ඇඟට දැනෙන්න දුන්න හිට්ලර් පළමු ලෝක මහා සංග්‍රාමයේ ජර්මානුවන් වෙනුවෙන් යුද වැදුන යුද සෙබලෙක්. 1916 වසරෙදී ඔහු යුද බිමේදී තුවාල ලැබුවා. ඒ හේතුවෙන් වෛද්‍යවරුන් සැත්කමක් කරලා ඔහුගේ එක වෘෂණ කෝෂයක් ඉවත් කරනවා. ඒ නිසා ඔහු මිය යන තෙක්ම එක් වෘෂණ කෝෂයක් පමණක් තිබූ මිනිසෙක් වුණා.

ඇඩොල්ෆ් හිට්ලර් කාන්තාවන්ට ආකර්ෂණයක් දැක්වූවා. ඔහු කාන්තාවන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ගේ ශරීර අවයව අතපත ගාන්නටත් ඔවුන් සමග ලිංගිකව එකතුවන්නටත් පෙළඹිලා තිබෙනවා. ඔහුගේ ලේලියක් වන "ගෙලී රුබාල්" නම් තරුණිය සමඟ ද ඔහු මේ ආකරයෙන් ඇසුරු කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් නිසාම මේ තරුණිය 23 වියේදී සිය දිවි නසාගන්නවා.

ඒ වගේම හිට්ලර් නිර්මාංශික වුණත් ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු රාශියක් තිබුණා. මේ නිසාම බඩේ කැක්කුම, පාචනය, ආහාර ගැනීමෙන් පසුව ඇතිවන අපහසුව වගේ ගැටළුවලට ඔහු මුහුණ දුන්නා. මේ රෝගයන් නිසා ඔහු එකිනෙකට වෙනස් ඖෂධ 29ක් භාවිතා කළත් ඒවායෙන් කිසිම සුවයක් නම් ලැබී නැහැ.


හිට්ලර් කුඩා කාලයේදී... (පහත ඡායාරූප බලන්න.)



ගෙලී රුබාල් රුබාල් තරුණිය..



රෝසා හෙවත් හිට්ලර්ගේ 'ස්විට්හාර්ට්'

 
හිට්ලර් සිය සත්ත්ව මිතුරන් සමඟ..




හිට්ලර් ජර්මන් ජනතාව සමඟින්...



ඔහු සිය ජනතාව ඇමතූ අවස්ථාවක්..



හිට්ලර් දුම්වැටිවලට විරුද්ධ වූවෙකු වූ අතර ඔහුද දුම්පානයෙන් වැළකී සිටියා.. (පහත ඡායාරූපය)



හිට්ලර් සිය බිරිඳ ඒවා බ්‍රවුන් සමඟ...



ඔහු සිය රියදුරු සමඟ ගත් ජායාරූපයක් පහතින්..


හිට්ලර් නාසි ක්‍රමයට සිය හමුදාවට ආචාර දක්වමින්..



ශ්‍රමදානයකට එක්වූ ඇඩොල්ෆ් හිට්ලර්..



ඇඩොල්ෆ් හිට්ලර්ගේ තනි ඡායාරූප කිහිපයක් පහතින්...



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top