"පිපිරීමත් එක්ක මම බිම ඇද වැටුණා.."
"මමයි මගේ සහෝදරියයි අම්මයි තනිවුණා.."
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ යළි ආසිරි ගන්වා විවෘත කෙරුණා.
ඒ, පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී දින 52 කට පසුවයි.
පාස්කු ඉරුදින හිරු උදාවත් සමඟ ලෝකවාසින් මෙන්ම මෙරට කිතුණු බැතිමතුන්ද සිය ගම් ප්‍රදේශවල දෙවස්ථාන කරා ඇදුනේ ජේසුස් වහන්සේගේ උත්ථානය සැමරීම සඳහායි.
එහෙත් එකි සතුටු නෙත් කඳුළින් පිරී යාමට ගතවුයේ හෝරා කිහිපයක් පමණයි.
අන්තවාදි ත්‍රස්තවාදි කණ්ඩායමක සාමාජිකයෙකු කුරිරු ප්‍රහාර මාලාවක ප්‍රධාන ඉලක්කයක් ලෙස එදින පෙ.ව 8.45ට පමණ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ බෝම්බයක් පුපුරාගනු ලැබුවේ දෙවියන් වැඩ සිටි පුදබිමක් මොහොතකින් ලේ විලක් බවට පත් කරමින්.
ත්‍රස්ත ප්‍රහාරයෙන් මිල කළ නොහැකි මිනිස් ජීවිත සිය ගණනක් අහිමි වන විට ඊට කලකට ඉහතදි අළුත්වැඩියා කර අවසන් කර තිබු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරට ද දැඩි ලෙස අලභානි සිදුවුණා.
ප්‍රහාරයෙන් පසු දිනෙන් දින සමස්ථ සමාජය කඳුළු අතරින් යළි නැගි සිටිද්දි ශ්‍රි ලංකා නාවික හමුදාව ප්‍රහාරයෙන් හානි සිදුවු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර යළි ගොඩනැගීමට ඉදිරිපත් වු අතර විවිධ පාර්ශ්ව ඒ සඳහා මුල්‍යමය සහ ද්‍රව්‍යමය අනුග්‍රහය දැක්වුවා.
රටක් ලෙස නැවත නැගී සිටිමට ගත් උත්සහයේ එක් ප්‍රතිථලයක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර ඊයේ දින පස්වරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් විසින් ආසිරි ගන්වා යළි විවෘත කරනු ලැබුවා.
එහිදී අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වූ අතර එම දේව මෙහෙය සඳහා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන්ද එක්ව සිටියා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යය අද(13) දින පැවැත්වෙන අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සහ විපතට පත්වූවන් සිහි කරමින් මෙවර වාර්ෂික මංගල්‍යය උත්සවාකාරයෙන් නොපැවැත්වීමට දේවස්ථාන පරිපාලනය සහ සංවිධායකත්වය තීරණය කර තිබෙනවා.