ඉතියෝපියා තරුණියක්, ඇගේ දරු ප්‍රසූතියෙන් මිනිත්තු තිහකට පසු, රෝහලේ සිටියදීම විභාගයකට පෙනී සිටි බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
21 හැවිරිදි, අල්මාස් දිරේස් (Almaz Derese) නමැති එම තරුණිය පෙනී සිට ඇත්තේ වාර්ෂිකව පැවැත්වෙන ද්විතීක පාසල් විභාගයටය. ඇය එම වසරේ මෙම විභාගයට පෙනී නොසිටියා නම්, තවත් වසරක් බලා සිටීමට සිදුවනු ඇතැයි ද පැවැසෙයි. අල්මාස් දිරේස් බටහිර ඉතියෝපියාවේ ඔරෝමියා පළාතේ තරුණියක් බවත් සදහන්.
ගණිතය, ඉංග්‍රීසි, අම්හාරික් නමැති ඉතියෝපියා භාෂාව යන විෂයයන්ට අදාල පත්‍ර තුනකට අල්මාස් දිරේස් පිළිතුරු දුන්නේ අධ්‍යාපන සහ රෝහල් බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් ඇඳේ සිටයි.
අල්මාස් දිරේස් තරුණ මව මෙන්ම ඇගේ බිලිඳා ද හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් වෛද්‍යවරු විදෙස් මාධ්‍ය සදහා ප්‍රකාශ කර තිබෙනවා. ද්විතීක පාසල් විභාගයේ තවත් විෂයයන් සතරකට ද අල්මාස් දිරේස් පෙනී සිටීමට නියමිත බව ඉතියෝපියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.