අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව මේ වනවිට පැමිණිලි 955 ක් ලැබී තිබෙනවා.
ඔහුට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 802 ක් ලැබී ඇති අතර, දඹුල්ල රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 153 ක්.
පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණි මව්වරුන් කියා සිටියේ වෛද්‍යවරයා සිදුකළ සැත්කම්වලින් පසු තමන්ට දරු ඵල අහිමි වී ඇති බවයි.
එමෙන්ම, තමන් වෙනත් ශාරීරික ආබාධවලටද ගොදුරු වී ඇති බවට ඔවුන් චෝදනා කරනවා.
සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කුරුණෑගල - නුවර පාරේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 24 වනදා රාත්‍රියේයි.
පසුව මෙම වෛද්‍යවරයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.