සඳ මතුපිට චන්ද්‍ර යානයක් මෘදු ලෙස පතිත කිරීම අරමුණු කරගත් චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන මස සිදුකිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට එම යානය සඳ මත ගොඩබස්සවනු ඇති.
මීට පෙර මෙම මෙහෙයුම සිදුකිරීමට නියමිතව තිබුණත් තාක්ෂණික ගැටළු හේතුවෙන් කල් දැමූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එය මෙවර සාර්ථක ලෙස සිදුවුවහොත් සඳ මත චන්ද්‍ර යානයක් මෘදු ලෙස ගොඩබැස්සවූ සිව්වැනි රට වීමේ අවස්ථාව ඉන්දියාවට හිමිවනවා.
ඉන්දියාව ප්‍රථම සඳ මෙහෙයුම සිදුකළේ 2008 වසරේ වන අතර, චන්ද්‍රයාන් - 01 නැමති යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමට අසමත් වුණා.
1966 පෙබරවාරි 3 වනදා සෝවියට් සංගමය මුලින්ම සඳ මත මෘදු යානා පතිත කිරීමක් සිදුකළ අතර, ඇමරිකා එක්සත් ජනපදය 1966 ජූනි 2 වනදා එම ඉලක්කය ජයගත්තා.
2013 වසරේ දෙසැම්බර් 14 වනදා එම ජයග්‍රහණය අත් කරගැනීමට සමත්වූයේ චීනයයි.