Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
හිස්බුල්ලා සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් අද පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවට

- හිස්බුල්ලා සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් අද පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

803 Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරු 3.30 ට යළි රැස්වීමට නියමිතයි.

ඒ අනුව එහි සාක්ෂි ලබාදීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ  හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් කැඳවා තිබෙනවා.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න ද අද සාක්ෂි ලබාදෙනු ඇති.

හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් වීමද විශේෂත්වයක්.

මේ අතර, මෙම විශේෂ තේරීම් කාරක සභාව නියමිත කාල සීමාව අවසන් වනතුරු පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි එහි සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top