Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
මුස්ලිම් අමාත්‍යවරුන් වෙනුවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ අමාත්‍යවරුන්ගේ නම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි - Video

- මුස්ලිම් අමාත්‍යවරුන් වෙනුවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ අමාත්‍යවරුන්ගේ නම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,550 Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියමිත කාල සීමාව අවසන්වන තුරු පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි එහි සාමාජික දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසනවා.

මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ බුද්ධි අංශ නිලධාරීන් අදාළ කාරක සභාව ඉදිරියට ගෙන්වා බුද්ධි තොරතුරු අනාවරණය කිරීමට ජනාධිපතිවරයා විරෝධය පළ කිරීමත් සමඟින්.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ විරෝධය මධ්‍යයේ අදාළ තේරීම් කාරක සභාව මේ වන විට සිව්වරක් සාක්ෂි විමසීමේ කටයුතු සිදුකර ඇති අතර ඊයේ දිනයේද එය රැස්වුණේ ජනාධිපතිවරයාගේ විරෝධය මධ්‍යයේයි.
 

කෙසේ වෙතත්, අදාළ තේරීම් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතා සදහන් කළේ ස්ථාවර නියෝගයන්ට අනුව පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුව ද මෙම කාරක සභාව අහෝසි නොවන බවයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙවැනි තේරීම් කාරක සභාවක් මගින් සිදුකරනු ලබන කැඳවීමක් නොසලකා හැරීමට රාජ්‍ය නිලධාරීන්ට නීතිමය හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට පස්වරු 3.30 ට යළි රැස්වීමට නියමිතයි.

හෙට දිනයේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් එම කාරක සභාව හමුවට සාකෂි විමසීම සඳහා කැඳවා තිබෙනවා.

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න ජනාධිපතිවරයා විසින් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින්ද වනවා.

මේ අතර අමාධ්‍යධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් වෙනුවට වැඩ බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ අමාත්‍යවරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවනවා.

එලෙස යෝජනා කර තිබූ බවට වාර්තා වුණේ රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ නම්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් වැඩබලන ඇමතිවරුන් ලෙස පත්කිරීමට පසුගියදා පියවර ගනු ගත්තා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා සිය විරෝධය පළ කිරීමත් සමඟ පසුගිය අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමද පැවැත්වුණේ නැහැ.

අමාත්‍ය මන්ඩල රැස්වීම නොපැවැත්වීම හා ආණ්ඩුව තුළ පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top