Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
"බෝම්බකරුවන් ස්වර්ගයට නෙමෙයි අවීචිමහා නරකාදියට යන්නේ" - කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය විවෘත කරමින් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් කියයි - Video

- "බෝම්බකරුවන් ස්වර්ගයට නෙමෙයි අවීචිමහා නරකාදියට යන්නේ" - කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය විවෘත කරමින් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,577 Views
මියගිය මිනිසුන් ගැන හිතන්න ඕනෑ
දේශපාලන බිලි ප්‍රතික්ෂේප කළ යුතුයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද යළි විවෘත කෙරුණා.

ඒ, එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 52 කට පසුවයි.

පාස්කු ඉරුදින හිරු උදාවත් සමඟ ලෝකවාසින් මෙන්ම මෙරට කිතුණු බැතිමතුන්ද සිය ගම් ප්‍රදේශවල දෙවස්ථාන කරා ඇදුනේ ජේසුස් වහන්සේගේ උත්ථානය සැමරීම සඳහායි.

එහෙත් එකි සතුටු නෙත් කඳුළින් පිරී යාමට ගතවුයේ හෝරා කිහිපයක් පමණයි.
 

අන්තවාදි ත්‍රස්තවාදි කණ්ඩායමක සාමාජිකයෙකු කුරිරු ප්‍රහාර මාලාවක ප්‍රධාන ඉලක්කයක් ලෙස එදින පෙ.ව 8.45ට පමණ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ බෝම්බයක් පුපුරාගනු ලැබුවේ දෙවියන් වැඩ සිටි පුදබිමක් මොහොතකින් ලේ විලක් බවට පත් කරමින්.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිල කළ නොහැකි මිනිස් ජීවිත සිය ගණනක් අහිමි වන විට ඊට කලකට ඉහතදි අළුත්වැඩියා කර අවසන් කර තිබු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරට ද දැඩි ලෙස අලභානි සිදුවුණා.

ප්‍රහාරයෙන් පසු දිනෙන් දින සමස්ථ සමාජය කඳුළු අතරින් යළි නැගි සිටිද්දි ශ්‍රි ලංකා නාවික හමුදාව ප්‍රහාරයෙන් හානි සිදුවු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර යළි ගොඩනැගීමට ඉදිරිපත් වු අතර විවිධ පාර්ශ්ව ඒ සඳහා මුල්‍යමය සහ ද්‍රව්‍යමය අනුග්‍රහය දැක්වුවා.

රටක් ලෙස නැවත නැගී සිටිමට ගත් උත්සහයේ එක් ප්‍රතිථලයක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර අද දින පස්වරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් විසින් ආසිරි ගන්වා යළි විවෘත කරනු ලැබුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top