උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට පැයට කිලෝමීටර් 60ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි.