Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
"දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවක් නැරඹුවත් දඬුවම මරණය" - උතුරු කොරියාවේ සුළු වරදටත් දෙන බරපතල දඬුවම් ලොවම කළඹයි - Photos

- "දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවක් නැරඹුවත් දඬුවම මරණය" - උතුරු කොරියාවේ සුළු වරදටත් දෙන බරපතල දඬුවම් ලොවම කළඹයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,371 Views
"ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ආකාරය නරඹා ඇති කුඩා ම දරුවාගේ වයස අවුරුදු හතයි"

"මරණ දඬුවමට ලක්වන තැනැත්තාගේ දරුවන් ඇතුළු ඥාතීන්ට පවා එය සිදුකරන ආකාරය බලා සිටීමට බල කරලා"

උතුරු කොරියානු රජයට අයත් ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලබන ස්ථාන 318 ක් හඳුනාගැනීමට හැකි වූ බව දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් පවසයි.

උතුරු කොරියාවෙන් පලා ගිය පුද්ගලයන් 610 දෙනෙකු සමග වසර හතරක කාලයක් තිස්සේ සිදුකළ සාකච්ඡාවලින් පසු 'ට්‍රාන්සිෂනල් ජස්ටිස් වර්කින් ගෲප්' (Transitional Justice Working Group)' නම් සංවිධානය සැකසූ වාර්තාවක එම තොරතුරු ඇතුළත්ව තිබේ.


ගවයෙකු සොරකම් කිරීම වැනි වරදකට මෙන් ම දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවක් නැරඹීම ද 'වරදක්' ලෙස හුවා දක්වමින් දශක ගණනාවක් තිස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

ගංගා, පිට්ටනි, වෙළෙඳපොළ, ක්‍රීඩාංගණ සහ පාසල් ආසන්නනයේ පවා එවැනි මරණ දඬුවම් ක්‍රියාත්මක කර ඇති බව 'ට්‍රාන්සිෂනල් ජස්ටිස් වර්කින් ගෲප්' මානව හිමිකම් සංවිධානය පවසයි.

"මරණයට පත්වූවන්ගේ දෛවය සිතියම්කරණය" ලෙස නම් කර ඇති අඟහරුවාදා (ජුනි 11) එළි දැක්වූ එම වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය නැරඹීමට දහසකට අධික පිරිසක් අදාළ ස්ථානයන්ට එක්රැස් වෙති.

සමහර අවස්ථාවලදී මරණ දඬුවමට ලක්වන තැනැත්තාගේ දරුවන් ඇතුළු ඥාතීන්ට පවා එය සිදුකරන ආකාරය බලා සිටීමට බල කර ඇතැයි ද වාර්තාවේ සඳහන්ය.

අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මරා දැමුණු පුද්ගලයන්ගේ සිරුරු හෝ ඔවුන් වළ දැමූ ස්ථාන ගැන ඥාතීන් දැනුවත් කිරීමක් සිදුවන්නේ කලාතුරකින් බවය.

ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ආකාරය නරඹා ඇති කුඩා ම දරුවාගේ වයස අවුරුදු හතක් බව ලැබී ඇති සාක්ෂි අනුව පෙනී යයි.
සමහර සිර ගෙවල් මෙන් ම දේශපාලන වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් රඳවා ඇති ස්ථානවල ද ප්‍රසිද්ධියේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරේ. මෙම කඳවුරු තුළ සිටින පුද්ගලයන්ට ගස් කැපීම සහ පතල් හෑරීම වැනි බරපතළ කාර්යයන්හි ද නියැලීමට සිදුවේ.

2000 වසරේදී මෙවන් කඳවුරක සිටි පුද්ගලයන් පිරිසක් පැවසුවේ චීනයට පලා යාමට තැත් කළ කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කරන ආකාරය නැරඹීමට රැඳවියන් අසූ දෙනෙකුට බල කර සිටි බවය.

"මේ දේ ඔබටත් වෙන්න පුළුවන්" යැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරියෙකු එම අවස්ථාවේදී කියා සිටි බව ඔවුහු පැවසූහ.

"ත්‍රාසය ඇති කිරීම සහ සිවිල් වැසියන් රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන," බවත් වාර්තාවේ දැක්වේ.

බොහෝ විට වෙඩි තැබීම් මගින් මරණ දණ්ඩනය සිදු කරන බව සාකච්ඡාවලට සහභාගී වූ පිරිස පවසති. සාමාන්‍යයෙන් සිදුවන්නේ වෙඩික්කරුවන් තුන් දෙනෙකු එක් අයෙකු වාර තුන බැගින් 'වරදකරුවාට' වෙඩි තැබීමය.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන පුද්ගලයන් සමහර අවස්ථාවලදී බීමතින් සිටි බව සාකච්ඡාවලට සහභාගී වූවෝ පැවසූහ. "යමෙක් මරණ එක මානසික වශයෙන් හරි අමාරු දෙයක් වීම මේකට හේතුවයි," එක් පුද්ගලයෙක් පැවසීය.

උතුරු කොරියාව එල්ලා මැරීම් 2005 වසරේ සිට අවම කර හෝ නතර කර තිබුණත්, ප්‍රසිද්ධියේ එල්ලා මැරීම් තවමත් වාර්තා වන බව අදාළ රාජ්‍ය නොවන සංවිධානය පවසයි.

"ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය දීම කාලයත් සමග අඩු වෙමින් යන බවක් පෙනෙන්න තිබෙනවා. නමුත් උතුරු කොරියාව මෙය රහසේ ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්" වාර්තාවේ එක් ලේඛකයෙකු වන ඊතන් ෂින් පැවසීය.

අතීතයේ උතුරු කොරියානු උසස් නිලධාරීන් පවා මරණ දණ්ඩනයට යටත් කර තිබේ. 2013දී රාජද්‍රෝහී ක්‍රියාවල නිරත වී යැයි චෝදනා කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ මාමාට ද මරණීය දණ්ඩනය පමුණුවන ලදී.

කෙසේ වෙතත්, උතුරු කොරියාවේ මරණ දඬුවම් පිළිබඳ නිකුත් වී ඇති වාර්තාවල සත්‍යතාව තහවුරු කර ගැනීම අතිශය අපහසු ක්‍රියාදාමයකි.

උතුරු කොරියානු ප්‍රසිද්ධ ගායිකාවක වන හයොන්-සොන්ග්-වොල් (Hyon Song-wol) ප්‍රසිද්ධියේ මරා දැමුණු බවට 2013දී පුවත් පළ විය.

එම සිද්ධිය දකුණු කොරියානු පුවත්පතක් වාර්තා කර තිබුණේ "වාදක මඬුල්ල බලා සිටියදී ම ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ඇය ඝාතනය කළා," යනුවෙනි.

නමුත්, 2018 ශීත සෘතුවේ පැවැත්වුණ ඔලිම්පික් තරග සඳහා ''සෝල්' නගරයට ගිය උතුරු කොරියානු නියෝජිත මණ්ඩලයට ඇයත් එක් වී සිටිනු දැක ගත හැකි විය.



සිංහල BBC 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top