Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
රන්ජන්ට එරෙහිව මසක් තුල චෝදනා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග

- රන්ජන්ට එරෙහිව මසක් තුල චෝදනා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,377 Views
අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවන පැමිණිල්ලට අදාලව අද සිට මසක් ඇතුලත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද නියෝග කළා.
 
අදාල චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විභාගය ජූලි මස 30 වනදා පවත්වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ.
 
අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කැදවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්න අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාලව වගඋත්තරකරු විසින් කිසියම් කණගාටුව පළ කිරීමක් සිදු කිරීමට සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා විසින් ඉකුත් නඩු දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බවයි.
 
එවැනි කණගාටුව පළ කිරීමක් හෝ සමාව අයැදීමක් සිදුකළ හැක්කේ මෙම සිද්ධියට අදාලව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා.
 
මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විනිසුරු විජිත් මලල්ගොඩ පෙන්වා දුන්නේ විත්තිකරුට යමක් ප්‍රකාශ කිරීමට තිබේ නම් ඒ පිළිබඳව සැල කළ හැක්කේ මෙම පැමිණිල්ලට අදාලව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් බවයි.
 
එම පැමිණිල්ලට අදාලව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති නමුත් මෙම සිද්ධියට අදාලව කරුණු දැක්වීමට තමන්ට අවස්ථාවක් තිබිය යුතු බව එහිදී රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා අධිකරණයට දන්වා සිටියා.
 
එම කරුණ පිලිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද සිට මසක් ඇතුලත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කළා.
 
ඉකුත් නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතවාසිකම් පෙත්සම් විභාගයේ විනිසුරු සංයුතිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක රූපවාහිනි දේශපාලන සංවාදයකට එක්වෙමින් පළ කළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව මෙම නඩු කටයුත්ත ආරම්භ වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top