Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
බුද්ධි අංශ නිලධාරින් ලෙස අක්කරෙයිපත්තුවේ නිවසක් කොල්ල කෑ තුන්දෙනෙකුට වැඩ වැරදුණු හැටි

- බුද්ධි අංශ නිලධාරින් ලෙස අක්කරෙයිපත්තුවේ නිවසක් කොල්ල කෑ තුන්දෙනෙකුට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,272 Views
බුද්ධි අංශ නිලධාරින් යැයි පවසමින් අක්කරෙයිපත්තුව - බදූර් පල්ලිය පාරේ නිවසකට ඇතුළු වී රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පෙරේදා රාත්‍රි 7.30 ට පමණ මෙම සැකකරුවන් වෑන් රථයකින් පැමිණ එම නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නිවසට ඇතුළු වී ඇති බවයි අක්කරෙයිපත්තුව පොලීසිය සදහන් කළේ.

එම අවස්ථාවේ එහි කාන්තාවක් පමණක් සිට ඇති අතර, පසුව පැමිණි පිරිස නිවසින් නික්ම ගොස් තිබෙනවා.
 
පසුව සිදුකළ පරීක්ෂාවකදී මොවුන් නිවසේ තිබූ ලක්ෂ 4 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ ද පැහැර ගෙන ගොස් ඇති බවට හෙළි වුණා.
 
අනතුරුව විමර්ශන ආරම්භ කළ අක්කරෙයිපත්තුව පොලීසිය එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ඊයේ අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top