හැටන් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාර්ගයක් අවහිර වන ලෙස සැකකරු ඔහුගේ ත්‍රිරෝද රථය නතර කර ඇති අතර, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී අදාළ පොලිස් නිලධාරියාගේ රාජකාරියට මොහු බාධා කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් 37 හැවිරිදි මෙම පුද්ගලයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.