Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
පරිවාසයෙන් මවගේ භාරයට පත්කළ 15 හැවිරිදි පාසල් සිසුවිය තමන් දූෂණය කළ පුද්ගලයා සමඟ පැන ගිහින්

- පරිවාසයෙන් මවගේ භාරයට පත්කළ 15 හැවිරිදි පාසල් සිසුවිය තමන් දූෂණය කළ පුද්ගලයා සමඟ පැන ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,598 Views
ස්‌ත්‍රී දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්ව සිට මවට බාරදී තිබූ බාලවයස්‌කාර දැරියක්‌ ඇයව දූෂණයට ලක්‌කළ පුද්ගලයා සමගම පළාගොස්‌ ඇති බවට මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබෙනවා.
 
එම දැරියගේ මවගේ සහෝදරියගේ සැමියා වන මාදම්පේ ගල්මුරුව කච්චකඩුව පදිංචි අයකු විසිනුයි මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ.
 
මෙම දැරිය උඩප්පුව පොලිස්‌ වසමේ පදිංචිව සිටියදී එම ප්‍රදේශයේ අයකු සමග සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහු අතින් දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ නඩුවක්‌ පවතින බවත් පැමිණිල්ලේ සඳහන්.

වයස අවුරුදු 15 යි මාස 07 ක්‌ වයසැති දැරියව ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පරිවාසයෙන් දැරියගේ මවගේ බාරයට පත්කර ඇතැයි ද පසුගිය අප්‍රේල් 05 දින සිට ඇය තම නිවසේ පදිංචිව සිටිමින් පාසල් ගිය බවද පැමිණිල්ලේ දැක්‌වෙනවා.
 
ජුනි 02 දින රාත්‍රියේ දැරිය නිවසේ නොමැති බව තම බිරිඳ කී බවත් ඉදිරි දොර හැර බලන විට ඇය නිවස ඉදිරිපිට මාර්ගයේ එම පුද්ගලයා සමග යතුරුපැදියක නැග යනවා දුටු බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.
 
සැකකරු හා දැරිය අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසිය විමර්ශන සිදු කරනවා.
 
'දිවයින'
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top