Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ප්‍රදේශවාසීන්ට එපා වූ මංගල සමරවීර පෙදෙස, ලිඳගාව වත්ත මාවත ලෙස වෙනස් කරන යෝජනාව සම්මත වෙයි - කොළොන්නාවෙත් මංගලට එරෙහිට උද්ඝෝෂණයක් - Video

- ප්‍රදේශවාසීන්ට එපා වූ මංගල සමරවීර පෙදෙස, ලිඳගාව වත්ත මාවත ලෙස වෙනස් කරන යෝජනාව සම්මත වෙයි - කොළොන්නාවෙත් මංගලට එරෙහිට උද්ඝෝෂණයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,518 Views
කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ මංගල සමරවීර පෙදෙස යන වීථි නාමය වෙනස් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් එම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් අද වැඩි ඡන්ද තුනකින් සම්මත වුණා.

මේ අතර කොළොන්නාව ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිවයි.

මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වීථි නාමයක් වන මංගල සමරවීර පෙදෙස වෙනුවට ලිඳගාවවත්ත මාවත යන නම යොදන ලෙස ගම්වාසීන් පිරිසක් අද මාතර -කිරින්ද -පුහුල්වැල්ල ප්‍රදේශීය සභාව වෙත අත්සන් 110 යකින් සමන්විත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනූව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 7ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 4ක් පමණයි.
 

සම්මත වූ යෝජනාව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන බව කිරින්ද -පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

මාතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කොට්ඨාශයේ විහාරස්ථාන තහනමට ලක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරෝධය පළකරමින් අද කොළොන්නාව ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ කොළොන්නාව ත්‍රෛයිනිකායික භික්ෂු සංවිධානය විසින්.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ද අමාත්‍ය මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top