Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
"8 දෙනෙක් කරාට 250ක් මැරුණනේ" - කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් අසාද් සාලි සහ සරත් ෆොන්සේකා අතර වචන හුවමාරුවක් - Video

- "8 දෙනෙක් කරාට 250ක් මැරුණනේ" - කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් අසාද් සාලි සහ සරත් ෆොන්සේකා අතර වචන හුවමාරුවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,061 Views
හිස්බුල්ලාගේ ප්‍රකාශ හරි වැරදියි
ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකුට සාලිගෙන් චෝදනාවක්....

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු තැපැල් සේවා සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන ෆායිම් නැමැත්තා සම්පූර්ණයෙන් වගකිව යුතු බව බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

අද දින මෙම සාක්ෂි විමසීම් සිදු කළේ අදාළ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දැඩි විරෝධයක් එල්ලවී තිබෙන අවස්ථාවක වීම විශේෂත්වයක්.
 

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව අද දින සිය සාක්ෂි විමසීම සිදු කළේ සිව්වැනි දිනටයි.

මීට පෙර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන් මෙම කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

කෙසේ වෙතත් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව පසුගිය 8 වැනිදා වාර්තා වුණා.

අද දින සාක්ෂි විමසීම පස්වරු 2 ට ආරම්භ වූ අතර ප්‍රථමයෙන් සාක්ෂි ලබාදීම සිදු කළේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතායි.

අනතුරුව සමස්ත ලංකා ජමෙයිතුල්උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමන් සහ කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපතිවරයා ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සිය සාක්ෂි ලබාදීම සිදු කළා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top