Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
දුම්රියෙන් වැටුණු බිරිද බේරා ගන්න සැමියාත් දුම්රියෙන් බිමට පනියි

- දුම්රියෙන් වැටුණු බිරිද බේරා ගන්න සැමියාත් දුම්රියෙන් බිමට පනියිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,453 Views
හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ  ශීඝ්‍රගාමී දුම්රියෙන් රඹුක්කන ප්‍රදේශයේදී වැටුණු බිරිය බේරා ගැනීමට තැත්කළ සැමියාත් තුවාල ලබා  කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පවසයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රත්නපුර ගොඩකවෙල වෑකන්ද ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක හා ඇගේ සැමියා වන වැලිඔය උඩකොටස, හැටන් පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි කියන්නේ.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය, අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ඇඟලුම් ආයතනයක සේවය කරන අතර තරුණයා කඩවත ප්‍රදේශයේ රැකියාවක් කරන බව පොලිසිය කියයි. මොවුන් දෙදෙනා පෙරේදා මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු බලා ආපසු කොළඹ දක්වා එමින් සිටියදී දුම්රියේ විශාල මගී සංඛ්‍යාවක් සිටි නිසාදොරටුවක් අසල හිඳගෙන සැමියා සමඟ ගමන් කරමින් සිටි බවයි පවසන්නේ.

රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේදී නිදිමත නිසා තරුණිය ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසි වී ඇති අතර ඇය බේරා ගැනීමට තරුණ සැමියාද දුම්රියෙන් පැන ඇති බව පොලිසිය කියයි. දුම්රියෙන් වැටුණු තරුණියත් බේරා ගැනීමට පැනපු තරුණ සැමියාත් දෙදෙනාම තුවාල ලබා රඹුක්කන රෝහල වෙත ඇතුළත් කර ඇති තිර පසුව ඔවුන් දෙදෙනා වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවත් සදහන්. තුවාලලත් දෙදෙනා මෑතකදී විවාහය ලියාපදිංචි කරගෙන ඇති බවත් තව මාස කිහිපයකින් ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදු කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය කියයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top