Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්‍යවේදිනිය "Meena Mangal"ගේ කතාව - Photos

- කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්‍යවේදිනිය "Meena Mangal"ගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,002 Views
ඇෆ්ගන් තරුණියන් අතර ඉහළින්ම නමක් දිනා සිටි කෙනෙක්...
 
ඇයට නිතරම මරණ තර්ජන එල්ලවෙන බව ඇය කිව්වා...
 
මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම පසුගියදා සියලු සිත්සතන් කලඹාලන සිදුවීමක් විය. ඇෆ්ගනිස්තානයේ අගනුවර වූ කාබුල් නුවර නැඟෙනහිර ප්‍රදේශයේදී, 2019 මැයි 11 සෙනසුරාදා දින උදෑසන හතයි විස්සට පමණ සිදුවූ මෙම ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන අසල සාප්පුවක සිටි සේවකයකු පැවැසුවේ ඇගේ නිවෙස අසලටම මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනකු මෙය සිදුකර පලාගිය බවය.
 
සුපුරුදු පරිදි තම සේවා ස්ථානයට යෑමට කාරය එනතුරු මඟ රැඳී සිටියදී ඇය මෙම බිහිසුණු මරණයට මුහුණ පා ඇත. අපරාධකරුවා ඇයට වෙඩි තැබීමට පෙර අවට සිටියවුන් ඉවත් කිරීමටදෝ සතර වතාවක් අහසට වෙඩි තබා ඒ සමඟම ඇගේ පපුවටම එල්ල කොට දෙවරක් වෙඩි තැබූ බව ඔහු පවසා ඇත.

ලේ විලක් මැද මුණින් අතට වැටී සිටින ඇගේ දේහය රැගත් ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නට පටන් ගත්තේ එතැන් සිට ඇසිල්ලකිනි. ඇෆ්ගනිස්ථාන් පොලිසිය දිගටම පරීක්ෂණ මෙහෙයවමින් ඝාතකයන් කොටුකර ගැනීමට උත්සාහ කළද තවමත් ඔවුන් සිටින්නේ නිදැල්ලේය.
 
මීනා උපත ලබන්නේ 1991දීය. මලාලයි උසස් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය කාඩන් උසස් අධ්‍යාපන පීඨයෙන් ණධභපදචතඪඵථ විෂයක් ලෙස හදාරමින් මාධ්‍යවේදිනියක වීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලබා ගත්තාය. මියයන විට පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු සම්බන්ධ උපදේශක තනතුරක සේවය කරමින් සිටි ඇය ජනතාව හඳුනා ගත්තේ Lemar TV, Ariana TV, හා TOLO TV රූපවාහිනි චැනල් කිහිපයකම ඇය ප්‍රවෘත්ති වැඩසටහන් සම්පාදිකාවක් මෙන්ම සිත් ගන්නාසුලු නිවේදිකාවකද වූ බැවිනි. ඇගේ මේ හදිසි වියෝව නිසා අනෙක් කාන්තා ක්‍රියාකාරිනියන්ද වේදනාවෙනුත් කෝපයෙනුත් සැලී ගොස් තිබිණි. ඔවුන් කෝපයට පත්ව තිබුණේ ඇයට ජීවිත තර්ජන ඇති බව දැන දැනත් අවශ්‍ය ආරක්ෂාව සපයන්නට රජය අසමත් වීම පිළිබඳවයි. ඇය විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් මුළු ලෝක ප්‍රජාවගේම අවධානයටත් ඇගැයීමටත් පත්ව තිබිණි. ඇය විසින් සමාජයට දායාද කළ බොහෝ දේ මතකයෙන් නොගිලිහෙනු ඇත.
 
සැබැවින්ම ඇගේ ඝාතකයන් කවුද?
 
පොලිස් පරීක්ෂණ මෙහෙයවූයේ මෙම මරණයට තුඩු දුන් හේතු කාරණා සෙවීමටය. කිසිවකු තවමත් මෙම මරණයේ වගකීම භාරගෙන නැත.
 
මේ අනුවේදනීය සමුගැන්ම ගැන අදහස් දක්වමින් ප්‍රසිද්ධ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් මෙසේ පැවැසුවාය.

“මීනා කියන්නේ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිවල ඇෆ්ගන් තරුණියන් අතර ඉහළින්ම නමක් දිනා සිටි කෙනෙක්. ඇෆ්ගන් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියත්, කාන්තාවන්ට රැකියා කිරීමේ අයිතියත් ඇය නිතර ඔවුන් සමඟ සාකච්ඡා කළා. පසුගිය සති කිහිපයක සිට ඇගේ සමාජ මාධ්‍යජාලා පිටුවල ඇයට නිතරම මරණ තර්ජන ලැබෙමින් පවතින බව සඳහන් කරලා තිබුණා. පසුගිය කාලයේ ඇෆ්ගන් කාන්තාවන් මුහුණ දෙන ශෝචනීය සිදුවීම් රැසක්ම ඇය විසින් කතිකාවට බඳුන් කර තිබුණා. ඇමෙරිකාව තලෙයිබාන්වරු සමඟ සාම ගිවිසුම ගැසුවහොත් මෙතෙක් බොහෝදෙනා යුද අරගලය මැද සිටිමින් ජීවිත පූජාවෙන් ලබාගත් ජයග්‍රහණ වතුරේ යනු ඇති බව ඇය විසින් පවසා තිබුණා.”
 
මේ දිනවල ඉහළ පෙළේ සාකච්ඡා රැසක් සිදුවන්නේ ඇමෙරිකාව විසින් විදේශ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කිරීම පිළිබඳවත් තලෙයිබාන්වරුන් ඇෆ්ගනිස්ථාන් රජයට සම්බන්ධ වීම පිළිබඳවත්ය. ජනතාව, විශේෂයෙන්ම දැරියන් හා කාන්තාවන් අපමණ පීඩාවට පත් කරන තලෙයිබාන්වරුන්ට රජයේ තනතුරු ලැබීමට යෑම කාන්තා ක්‍රියාකාරිනියන්ගේ මහත් විස්සෝපයට හේතුවක් වී ඇත. ඔවුන් එළිපිටම එයට විරෝධය පාන අතර මීනාද ඒ සමඟ ඇගේ විරෝධතා ව්‍යාපාරය ගෙන ගියාය.
 
මීට අමතරව වෙනත් ඉසව්වකටද පොලිසියේ අවධානය යොමු වී ඇත්තේ මේ දිනවල ඇය පෞද්ගලික අවුලකද පැටලී සිටි බැවිනි. මෙය එම ආරවුලේ ප්‍රතිඵලයක් විය හැකි බවටද මත පළ කෙරේ. මවුපියන් විසින් බලෙන් සිදුකරන ලද අවාසනාවන්ත විවාහයකින් පසු නිරන්තර ගෘහස්ථ හිංසනයට මුහුණ දීමට ඇයට සිදුවිය. ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙමින් සිටියේ වසර දෙකකට පෙර සිටය. මෙම මස මුලදී ඇයට දීර්ඝ නඩු විභාගයකින් පසු දික්කසාද වීමට අයිතිය ලැබී තිබිණි. මේ නිසා මෙය ඇගේ සැමියාව සිටි අය විසින් සැලසුම් කළ දෙයක් දැයි සැකයක් පවතී.
 
මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වන තලෙයිබාන් ආඥාදායකත්වය පැවතුණු සමයට වඩා කාන්තාවන් දැන් යම් නිදහසක් භුක්ති විඳිතත් වෙනත් රටවල් හා සසදා බලන විට තවත් බොහෝ සීමා කිරීම් තිබේ. යළිත් වරක් කාබුල් නගරයේ අපරාධ එන්න එන්නම වැඩිවෙමින් පවතින බව එහි නගර වැසියෝ පවසති. නැවත තලෙයිබාන්වරු පැමිණියහොත් මේ දිනාගත් සුළු අයිතිවාසිකම්වලට පවා නැවතත් වැට බැඳෙනු ඇතැයි එහි කාන්තාවන් පසුවන්නේ බියෙනි. යුද බියෙන් ඔද්දල් වූ රටවල වෙසෙන කාන්තාවන්ට ඇය ඇත්ත වශයෙන්ම පෙරගමන්කාරියක වූවාය. ඔවුන්ගේ හදවත්වලින් ඇය කිසිදා මැකී නොයනු ඇත.
 
ඇෆ්ගනිස්තාන් අධිකරණය සහ සිවිල් ක්‍රියාකාරී කණ්ඩායම් රැසක් ඉල්ලා සිටින්නේ මේ ඝාතනය ගැන උපරිම ලෙස පරීක්ෂණ පවත්වා ඝාතකයන් සොයා දඬුවම් ලබාදෙන ලෙසය. ස්ත්‍රීන්ට නිදහස නැති රටවල් අතර පෙරමුණේම සිටින රටකි ඇෆ්ගනිස්තානය. 1996 සිට 2001 දක්වා තලෙයිබාන් පාලන සමයේ කාන්තාවන්ට නිවෙසින් පිට රැකියාවක යෙදීම පවා තහනම් කර තිබිණි. කාබුල් යනු මාධ්‍යවේදීන්ට ජීවත්වීමට බිහිසුණුම නගරය බව කියැවේ. මේ වසරේ පමණක් මාධ්‍යවේදීන් පහළොස්දෙනකු ඝාතනය වී ඇති බව පැවැසේ.
 
වෛද්‍ය ලංකා සිරිවර්ධන
'මව්බිම'


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top