මගේ ලැප් එකයි ටැබ් එකයි තරින්දට දෙන්නපොත්වල සල්ලි වලින් මළගෙදර චාමෙට කරන්නමගේ උරුමයන් ඔක්කොම පිළිකා රෝහලට දෙන්න
ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් අමාලි චතුරිකා නැමති සරසවි සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පන්නිපිටිය - මාබුල්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
මෙම මරණය, සමාජයේ දැඩි කථාබහට ලක්වුණේ නවකවදයට මුහුණදීමට නොහැකිවීම නිසා තම දරුවා මියගිය බවට මෙම සරසවි ශිෂ්‍යාවගේ මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කිරීම හේතුවෙන්.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර දිවි නසාගැනීමට පෙර ලිපියක්ද ලියා තිබෙනවා.