Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
06
"දික්කසාද නඩුව අයින් කරගන්න කියලා ඇයගේ බෙල්ල තදින් පෑගුවා.." - ලොව අතිදක්ෂ පිතිකරුවෙක් වූ ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බිරිද මරා දේපළ ගත් හැටි - Photos

- "දික්කසාද නඩුව අයින් කරගන්න කියලා ඇයගේ බෙල්ල තදින් පෑගුවා.." - ලොව අතිදක්ෂ පිතිකරුවෙක් වූ ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බිරිද මරා දේපළ ගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

195 Views
"පණ අදිමින් හිටපු නෝනව උස්සගෙන ඇවිත් ගරාජ් එකට දැම්මා.."

"අවසානයේ සියළු දේපළ විකුණා විදේශික පෙම්වතිය එක්ක දීග කන්න පිට රට ගියා.."

ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබෙන්නේ 1981 දී. එනමුත් ඊට දශක ගණනාවකට පෙරත් ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ප්‍රචලිතව තිබුණා. ටෙස්ට් වරම් ලැබීමට පෙර යුගයේද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් ශ්‍රී ලංකාවේ උත්පත්තිය ලැබුවා. ඒ අතරින් මහාදේවන් සතාසිවම් නාමය ඉහළින්ම කියැවෙනවා.

සතාසිවම් එවකට ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අතිදක්ෂ පිතිකරුවන් කිහිපදෙනා අතර සිටි ක්‍රීඩකයෙකු බව විචාරක මතයයි. ඔහු ශ්‍රී ලංකාවට ගෙනදුන්නේ සුළුපටු කීර්තියක් නොවේ. කෙසේ නමුත් මේ සියල්ල සමඟ එක්තරා කළු පැල්ලමකුත් ඔහුගේ නාමය සමග ඈඳී තිබෙනවා. ඒ ඔහුගේ තම පළමු බිරිඳ ගෙල සිරකර ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වීම නිසයි. පසුකාලීනව ඉන් ගැලවුණත් ඉන් ඇති වූ අපකීර්තිය ඔහුගේ ක්‍රීඩා ජීවිතයටම බලපෑම් එල්ල කළා.

ඝාතන සිද්ධිය
මහාදේවන් සතාසිවම් පළමුවර විවාහ වී සිටියේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිබිරියක සමඟයි. මේ විවාහයෙන් ඔහුට දාව සතාසිවම් මහත්මියට දියණියන් සිව්දෙනෙකු සිටියා. කෙසේ නමුත් සතාසිවම්ගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක එකක් වුණේ නැහැ. ඔහු සුදු ජාතික තරුණියක සමඟ ඇති කරගෙන තිබූ අයථා සම්බන්ධතාවත් පවුලේ ආර්ථික තත්ත්වය ස්ථාවර ලෙස ගෙනයාමට උනන්දුවක් නොදැක්වීමත් යන කරුණු නිසා කීප විටක්ම ඔවුන්ගේ විවාහය දෙදරා යන්නට ආසන්න වූ නමුත් දෙපාර්ශ්වයේ වැඩිහිටියන් එය එසේ නොවීමට ක්‍රියා කර තිබුණා. 1951 වසරේ ඔක්තෝබර් 9 වැනිදා ට පහන් වූයේ එවැනි තත්ත්වයක් තුළදීය.

එදින දිවාකාලයේදී සතාසිවම්ගේ කුඩා දියණියන් දෙදෙනා යාබද නිවැසියෙකුට තමන්ගේ මව 'අසනීප වී' ගරාජයේ නිදා සිටින බව පවසනවා. ඇය වහාම ගරාජය වෙත ගොස් බලන විට දක්නට ලැබෙන්නේ සතාසිවම් මහත්මිය සිහිවිසඥව මෙන් උඩුබැලි අතට වැටී සිටින ආකාරය යි. ඇයගේ ගෙල මතට නිවෙසේ වංගෙඩිය වැටී තිබුණා. මේ අවස්ථාවේ දී සතාසිවම්ගේ වැඩිමහල් දියණියන් දෙදෙනා නිවසට කැඳවාගෙන ආ නිවසේ සේවකයෙකු විසින් සතාසිවම් මහත්මිය පරීක්ෂා කර බලා ඇගේ ප්‍රාණය නිරුද්ධ වී ඇති බව පවසනවා.

වහාම පරීක්ෂණ ඇරඹෙයි
සතාසිවම් මහත්මිය ඝාතනය වූ බැව් සැලවීමත් සමඟ ඇයගේ ඥාතීන් විසින් සතාසිවම් මහතා ඊට සැක කරන බව පොලිසියට පවසනවා. මූලික පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු දේහය වහාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශය භාර මහාචාර්ය ද සේරම් වෙත යොමු කෙරෙන අතර සතාසිවම්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලබනවා.

එම ඝාතන සිද්ධියත් සමග සතාසිවම්ට එරෙහිව චෝදනා ගොනු වූවත් සතාසිවම් ලෝ පතළ පුද්ගලයෙකු වූ නිසා ඔහුට එරෙහිව පවතින සැකය නිසි පරිදි තහවුරු කර නොගෙන ඔහු අත්අඩංගුවට ගැනීම පොලීසියට මහත් අවදානමක් වුණා. සිද්ධිය වූ දිනයේ පෙරවරු 10.30ට පෙර තමන් නිවසෙන් නික්ම ගිය බවත් ඒ වන විට සතාසිවම් මහත්මිය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවත් සතාසිවම් ප්‍රකාශ කරන්නේ මේ අතරයි. සිද්ධිය සැල වූ අවස්ථාවේදී නිවෙසේ සිට ඇත්තේ වයස 2 හා 4ක් වූ සතාසිවම් යුවළගේ කුඩා දියණියන් දෙදෙනා පමණක් වීම නිසා සතාසිවම් සැකපිට සිරභාරයට ගැනීම පසෙක තබා පළමු කට උත්තරය ඔවුන්ගෙන් ගැනීමට පොලිසිය තීරණය කරන්නේ වෙන විකල්පයක් නැති නිසාය.

මේ අතර සතාසිවම් නිවසෙහි සේවය කළ 18 වියැති විලියම් නම් කොලුවෙකු සිද්ධියෙන් පසු අතුරුදන් ව ඇති බවට පොලීසියට තොරතුරු ලැබෙනවා. වහාම ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවනවා. සතාසිවම්ගේ සිව් වියැති තෙවැනි දියණිය "සේවකයෙක් තම මව ඔසවාගෙන ගොස් ගරාජයට දමනු" තමන් දුටුවේයැයි පොලීසිය වෙත පවසන්නේ මේ අතරයි. කෙසේ නමුත් ඇය කී සේවකයා සතාසිවම්ගේ වැඩිමල් දියණියන් දෙදෙනා පාසලෙන් කැඳවාගෙන ඒමට ඒ වන විට නිවසින් පිටතට ගොස් තිබූ සේවකයාම බැව් තහවුරු වුණා. සතාසිවම් මහත්මියගේ ප්‍රභූ ඥාතීන් පරීක්ෂණ සිදුවන මන්දගාමී ස්වභාවය පිළිබඳ ඉතා නොසතුටෙන් ක්‍රියාකිරීමට පටන්ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස සතාසිවම් එදිනම පොලිස් භාරයට ගැනෙනවා. නමුත් ඔහු දිගින් දිගට ම ප්‍රකාශ කළේ මේ සිද්ධිය වන විට තමන් නිවසේ නොසිටි බව යි.

අධිකරණ වෛද්‍ය වාර්තාව හා තවත් සාක්ෂි
මහාචාර්ය ද සේරම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් වන්නේ මේ අතරයි. මෙහිදී ඇය මියගොස් ඇත්තේ ගෙල සිර කිරීමෙන් බැව් තහවුරු වුණු අතර ඒ වන විට ඇය සිටගෙන සිට ඇති බවටත්, ඝාතකයා ඇයගේ පසුපසින් සිට ඇති බවටත් තහවුරු වී තිබුණා. මේ අනුව විලියම්ට එරෙහිව ඇති සැකය තවත් වැඩි වුණා.

සතාසිවම් සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ නීතිඥයා වූයේ ලක්දිව ඉතා පතළ චරිතයක් වූ කොල්වින් ආර්.ද සිල්වා මහතායි. ඉතා ඉක්මනින් කරුණු ගොනු කරගත් ඔහු සතාසිවම් මහතාට අනුව ඔහු පෙරවරු 10.30ට පමණ නිවසින් පිට වී ඇති බවත් ඒ වන විට විලියම් පොල් ගාමින් කුස්සියේ සිටි බවත් සතාසිවම් මහත්මිය ඒ අසල සිටි බවත් අධිකරණයට ප්‍රකාශ කළා. සතාසිවම් මහතාගේ පාර්ශ්වයට වාසි ගෙන දෙමින් නිවසින් පිට වී යාමට ඔහු ඇණවුම් කළ කුලී රියේ සේවකයා තමන් සතාසිවම් නිවසට ළඟා වූයේ පෙරවරු 10.30ට බවත් සතාසිවම් මහතා නිවසෙන් පිටත් වන විට ඔහුගේ බිරිඳ නිවසින් ඉවතට පැමිණ ඔහුට සමුදුන් බවත් පොලීසියට පවසනවා. සිද්ධිය සිදු වී දින 10කින් පමණ මාතර ප්‍රදේශයේදී විලියම් පොලිස් භාරයට ගැනෙන අතර ඔහු පවසන්නේ මරණය සිදු වූ දිනයේ පෙරවරු 9.30ට පමණ සතාසිවම් යුවළ නිදන කාමරයේදී විශාල දබරයකට මුලපිරූ බව යි. ඒ වන විට සතාසිවම් මහත්මිය සතාසිවම්ට එරෙහිව නැවත දික්කසාද නඩුවක් ගොනු කර තිබූ අතර එය ඉවත් කරගන්නා ලෙස ඔහු ඇයට තර්ජනය කළ බවත්, අවසානයේ ඇඳ මතට තල්ලු කොට ඇගේ ගෙල වැරෙන් පෑගූ බවත් තමන් දුටු බව ඔහු පවසනවා. ඔහුගේ සිරුරේ වූ සීරීම් ලකුණු මොනවාදැයි විමසූ විට සතාසිවම් මහතා තමන්ට ඔහුත් සමඟ ඒ වන විට පණ අදිමින් සිටි සතාසිවම් මහත්මියව ඔසවාගෙන ගරාජයට පැමිණෙන ලෙස විධානය කළ බවත් එහි දී සීරීම් තුවාල ඇති වූ බවත් ඔහු පවසනවා. සතාසිවම් මහත්මිය සතු ව තිබූ වටිනා ආභරණයක් මේ වන විට අතුරුදන්ව තිබූ අතර විලියම් එය විකිණූ බවටද සාක්ෂි හමු වී තිබුණා. එයට නිදහසට කරුණු ලෙස විලියම් පවසන්නේ "කට වසාගෙන සිටින ලෙසට" පවසමින් සතාසිවම් මහතා එය තමන්ට තෑගි කළ බවයි.

සාක්ෂිවල පරස්පරතා
විලියම්ගේ සාක්ෂිය හා කුලී රථ රියැදුරුගේ සාක්ෂිය පරස්පර වීම නිසා නැවතත් අධිකරණය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කෙසේ නමුත් සතාසිවම් මහත්මියගේ පාර්ශ්වය ප්‍රකාශ කළේ දික්කසාද නඩුව සතාසිවම් මහත්මියගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන නිසා එය පරාජය වුවහොත් අත්තිකාරම ගෙවීමට සිදුවුණු බව දැනගත් නිසා සතාසිවම් මෙම ඝාතනය සිදුකර ඇති බව යි. ඊට අමතර ව ඇගේ මෙම මරණයෙන් පසු ඔහුට සෑහෙන දේපළක්ද නීතිප්‍රකාර ව හිමිවීමට තිබුණා. මුදල් දී කුලී රථ රියැදුරා නම්මවාගන්නට ඇතැයි යන මතය ප්‍රකාශ වීමත් සමග නැවතත් සැකය සතාසිවම් වෙත යොමු වුණා. ද සේරම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව විලියම්ගේ කට උත්තරය සමග නොසැසඳුණු අතර සතාසිවම් මහත්මියගේ වස්ත්‍රයෙහි තිබී ශුක්‍රාණු පැල්ලමක්ද නිරීක්ෂණය වී තිබුණා. කෙසේ නමුත් අද මෙන් තාක්ෂණය දියුණුව නොතිබූ ඒ සමයේ එය කාගේදැ යි නිශ්චිතව හඳුනාගැනීම උගහට වුණා. කෙසේ නමුත් වඩා විය හැකි දේ ලෙස සියල්ලන්ටම පෙනී ගියේ විලියම් ලිංගික අඩත්තේට්ටමක් කිරීම හා ආභරණය සොරගැනීම උදෙසා මේ ඝාතනය සිදුකර ඇති බව යි. කෙසේ නමුත් සතාසිවම් මහත්මියගේ පාර්ශ්වය එය පිළිගැනීමට මැළි වූ අතර, ශ්‍රී ලාංකීය අධිකරණ වාර්තාවේ මරණය සිදු වූ වේලාව ආසන්න මිනිත්තුවටම නිශ්චය කර නොතිබීම ඔවුන් ආයුධයක් කරගත්තා. මේ හේතුවෙන් මෙම නඩුව ජාත්‍යන්තරවද ප්‍රසිද්ධියට පත් වූ අතර ලෝ පතළ අධිකරණ වෛද්‍ය සිඩ්නි ස්මිත් මහතාට මෙය විසඳීමට කැඳවීමක් ලැබෙන්නේ මේ අතරයි. සියල්ල පරීක්ෂා කර බලා ඔහු විසින් මරණය සිදු වී ඇත්තේ උදෑසන 11න් පසුව බව නිශ්චිතවම පවසනවා. ඒ වේලාව වන විට සතාසිවම් මහතා නිවසෙන් පිට ව සිටි බවට ඇති තරම් සාක්ෂි තිබූ අතර මේ හේතුවෙන් හා කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දක්ෂතා නිසා සතාසිවම් මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරෙනවා.

චෝදනාවලින් නිදහස් වූ සතාසිවම් මහතා හට සිය බිරිඳගෙන් විශාල දේපළක් උරුම වූ අතර, ඔහු ඒවා විකුණා දමා සිය දීර්ඝකාලීන පෙම්වතිය හා විවාහ වී රටින් පිටවනවා. සාක්ෂිවල මඳකම හේතුවෙන් විලියම්ද නිදහස් වෙනවා. කෙසේ නමුත් මෙය ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනාගේ නොසතුටට හේතු වූ අතර 'වංගෙඩිය මිනී මරා ඇතැ යි' යනුවෙන් මේ සම්බන්ධයෙන් කතාවක්ද පටබැඳෙනවා.

දිනිදු ඒකනායක


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top