වෛද්‍ය සේගු සියාබ්ධීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත්කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කරන වෛද්‍යවරයකු වන මෙම වෛද්‍යවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන්ව වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ද මෙම වෛද්‍යවරයාට බවයි පැවසෙන්නේ.
පොලිසිය සඳහන් කළේ කුරුණෑගල - නුවර පාර, වීරසිංහ මාවතේ පිහිටි සිය නිවසේදී මොහුව අත්අඩංගුවට ගත් බවයි.
එම වෛද්‍යවරයාගේ වත්කම් පිළිබඳ සහ ඔහුට වත්කම් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කෙසේ වෙතත් සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4000 ක් වඳ බාවයට පත් කළ වෛද්‍යවරයකු පිළිබඳ ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර එම පුවත්පතම අද සිය පුවත යලි තහවුරු කරමින් සඳහන් කළේ එම චෝදනාව එල්ල කළේ සාෆි ෂිහාබ්ඩීන් නම් මෙම වෛද්‍යවරයාට බවයි.
වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් වසර 13 ක ට අධික කාලයක් රෝහල් තුනක ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකක වලට අනුයුක්තව සේවය කර තිබෙනවා.
මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඔහු මීට පෙර සේවය කර ඇත්තේ ගලේවෙල සහ දඹුල්ල යන මූලික රෝහල්වලයි.
මොහු 2015 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද තරග කර තිබුණා.
එම මැතිවරණයට පෙර වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තමන් පැය දෙකක කාලය තුලදී සිසේරියන් සැත්කම් 8 ක් සිදු කර ඇති බවයි.
එසේම තමන් සිසේරියන් සැත්කම් 8000 ක් සිදු කර ඇති බවද ඔහු එහිදී තහවුරු කර තිබෙනවා.