ජෙෆ් බෙසොස් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ බිල් ගේට්ගේ ආදායම වූ ඩොලර් මිලියන 90 ඉක්මවා යමින්ය. 1994 වසරේ ජෙෆ් බෙසොස් වෝල් ස්ටි‍්‍රට් ආයතනයේ දැවැන්ත පරිගණක සමාගමක විශේෂඥයෙකු ලෙසින් සේවය කරමින් සිටියදී ඔහු එම රැකියාව අතහැර දමා අන්තර්ජාලය හරහා වූ වාණිජ ව්‍යාපාරය වෙනුවෙන් අත ගැසුවේ එහි අවදානම පිළිබඳව දෙවරක් නොසිතාය.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වුණත් ඔහු අද ජාත්‍යන්තරය ජයගෙන ඇත.
බිල් ගේට්ස් යනු පැරදිය නොහැකි ධනපතියෙක්ය යන අදහස ගොඩනැඟී තිබුණේ කාලාන්තරයක් පුරාම ඔහු තමාගේ ප්‍රමුඛතාවයෙන් පහලට නොගිය නිසාය. පසුපෙල තරගකරුවන් බිහිවුණත් ඒ කිසිවෙකුටත් බිල් ගේට් අතික්‍රමණය කළ හැකි නොවීය. එහෙත්... 2017 වසරේ ජෙෆ් බෙසොස් මේ අභියෝගය ජයගත්තේය. අද ලෝකයේ ධනවතුන් අතර ප්‍රමුඛයා ඔහුය.
1964 වසරේ ජනවාරි 12 වැනි දින ඔහු උපත ලැබුවේ ඇමරිකාවේ මෙක්සිකෝ ප්‍රාන්තයේය. ජැක්ලින් ගිස් නම් වූ ඔහුගේ මව ඇගේ පාසලේ මිතුරෙක් වූබ ටෙඞ් ජොගර්සන් සමග ඇති වුණ ආදර බැඳීම නිසා ඔහු සමග විවාහ වී මෙක්සිකෝවට ගියාය. ඔහු උපත ලබන විට මවගේ වයස අවුරුදු 16 කි. ඔහු ධනවතෙක් නොවුන අතර ආදායම් මාර්ගය ලෙසින් සිල්ලර වෙළඳසැලක සේවය කලේය. ඔහු අධික ලෙස මත්පැනට ඇබ්බැහිව සිටියේය. තම මව තමාට ලොතරැයියක් වූ බව සඳහන් කරන ඔහු ඇයට බෙහෙවින් ස්තුතිවන්තව ඇත. ඔහු දෙවැනි සැමියා වුණත් ජෙෆ් තමාගේ දරු තනතුරේහි ලා සලකන්නනට කැමැත්තක් දක්වන ලදී. මේ නිසාම පියාගෙන් නොලද රැකවරණය ජෙෆ්ට ලැබුණේ ඔහුගෙ මවගේ දෙවැනි සැමියාගෙන්ය. මේ නිසා ජෙෆ් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධිධාරියෙකු ලෙසින් සමාජගත වීමට වාසනාව ලබා ගත්තේය.
1994 වසර වනවිට ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට්හි ආයෝජන සමාගමක පරිගණක විශේෂඥයෙකු වන ඉහළ වැටුපක් ලබමින් සේවය කළ බෙසෝස් ඒ සියල්ල හැර දමා අලූත් වෙළෙඳාමක් වෙනුවෙන් යොමු වුණේ අන්තර්ජාලය තුලින් නව ව්‍යාපාරික අවස්ථාවක් සලසා ගැනිමට තිබෙන හැකියාව පිළිබඳව ඉව ලැබීමෙන්ය. 1994 වැනි කාලයකදී ඇමෙරිකාවේ පවා වයර් ආධාරයෙන් මන්දගාමී අන්තර්ජාල සේවාවක පහසුකම් ලබන යුගයකදී ඔහුට මේ අන්දමේ අලූත් අදහසක් පහළ විය.
සිල්ලර වෙළෙඳාමේ නියෝජිතයෙක් ලෙසින්ද, ඇමසන් කොම් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිළධාරිවරයා ලෙසින්ද විවිධ භූමිකාවන්හි පෙනී සිටින්නේය. ඔහු මුලින්ම අන්තර්ජාල වෙළෙඳාම ආරම්භ කරනු ලැබුවේ පොත් වෙළොමෙන් වුණත් එතැනම රැඳී සිටියේ නැත. කාලානුරූපව සමාජයේ ඇතිවන නව රුචිකත්වයන් සහ ඉල්ලූම පිලිබඳව මනා දැන හඳුනාගැනීමක් ඔහු තුළ වූයේය. වසරක් පාසා සයිබර් අවකාශයට එක් වෙන පිරිස දෙදහසකින් පමණ ඉහළ යන නිසා එය ඉතා හොඳ වෙළෙඳපොලක් බව සිතූ ජෙෆ් පොත් වෙළෙඳාම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට සිතා ගත්තේය. වයස අවුරුදු 30 වන විට ඔහු විවාහය ගැන සිතූ අතර ඔහුගේ බිරිඳ ලෙස තෝරා ගත්තේ මැකෙන්සි නම් කාන්තාවයි.
1993 වසරේ ‘‘ මැකෙන්සි ’’ සමඟ වූ විවාහයෙන් ඔවුන්ට දාව දරුවන් හතර දෙනෙක් වෙනුවෙන් ම්ව්පියන් ලෙසින් අභිෂේක ලබා ඉතා ප්‍රීතිමත් යුග ජීවිතයක් ගත කිරීමට තරම් මේ පවුල වාසනාවන්ත වූහ. එමෙන්ම ඔවුන් ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන බවටත් පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් පුවත ලෝකයා විස්මයට පත් කරවනසුළු විය. එහිදී ජෙෆ් බෙසොස් දන්වා සිඨියේ ඔහු මැකෙන්සිගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බවයි.
ලෝක බිලියනපතියෙකු ගේ බිරිඳ ලෙසින් තමාට ඇති අභිමානය සහ ආර්ථික ශක්තිය පසෙක තබා මැකෙන්සි දික්කසාදය වෙනුවෙන් ඇගේ එකඟතාවය පළ කර ඇත. ඔහු විසින් තම බිරිඳ දික්කසාද කිරීමට මේ තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් ජෙෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘‘ ෆොක්ස් ටී.වී. ’’ ආයතනයේ නිවේදිකාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන සිටීම නිසයි.
ඒත් ඇය විසින් මේ ගැන කිසිදු කම්පාවක් නොමැතිවම දික්කසාදය පිළිගෙන ඇත. ඒ වෙනුවෙන් මැකෙන්සි වෙත වන්දි ලෙසින් ඩොලර් බිලියන 35 ක් හෙවත් පවුම් බිලියන 27 ක මුදලක් ප්‍රදානය කිරීමට ජෙෆ්් බෙසොස් කැමැත්ත පළ කර ඇත. දරුවන් හතරදෙනාගේ අයිතිය ගැන තවම තීරණයක් ගෙන නැත.
මේ වෙන විට 48 හැවිරිදි මැකෙන්සිට ඇමසන් සමාගමේ කොටස්වලින් 4% ක ප්‍රමාණයක් හිමි වී ඇති අතර දික්කසාදය නිසා ඇයට ‘‘ වොෂිංටන් ’’ පුවත්පතේ සහ ‘‘ බ්ලූ වර්ජින් ’’ සමාගමේ හිමිකාරිත්වය දික්කසාදය සමග අවසාන වෙනවා. ඒ වුනත් ඇමසන් සමාගමේ හිමිකාරිත්වය පිළිබඳව වෙනසක් සිදු වෙන්නේ නැත. ග්‍රන්ථ කර්තෘවරියක් ලෙසින්ද මැකෙන්සිගේ කීර්තිය මේ දික්කසාදය නිසා වෙනසක් වෙන්නේ නැත. ඒ ලේඛන කලාව ඇගේ නිසග හැකියාව නිසයි. The Testing of Luther Albrighp,Trapsy, සහ Knopf යනුවෙන් කෘති තුනක් රචනා කර ඇති අතර දේශීය වශයෙන් ද ඇය සම්මාන කීපයක් ලබා තිබේ. ඒ නිසාම මැකෙන්සි දික්කසාදයෙන් බිලියනපතියාගේ බිරිඳ ලෙසින් වූ හැඳින්වීමෙන් පසු බැස්සත් ඇය ලෝකයේ ධනවත් කාන්තාවන් අතරින් තුන්වැනි තැනට පත්ව සිටින්නීය.
පුන්‍යා චාන්දනී ද සිල්වා
දිවයින