ඔය වගේ වෛද්‍යවරුන්ට ගස්වල බැඳලා ගහන්න ඕනේ
ලක්ෂ 10කට 15කට වැඩියෙන් ගියා බෙහෙත් ගන්න
පොලිස් අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිව මව්වරුන් පිරිසක් අද එම රෝහලේ පාලනාධිකාරයට පැමිණිලි ගොනු කළා.
ඒ එම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමෙන් පසු නැවත දරුවකු පිළිසිඳ ගැනීමක් සිදුනොවූ බව පවසමින්.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කල සෙයිගු ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි නම් මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේදී.
අත්අඩංගුවට ගැනීමෙන් පසු කුරුණෑගල පොලිසියට රැගෙන ආ වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා.
සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කෙසේ වෙතත්, සිසේරියන් සැත්කම් 8000ක් සිදු කළ බවට පිළිගෙන ඇති මෙම වෛද්‍යවරයාට එල්ල වී ඇති ප්‍රධානම චෝදනාව වන්නේ එම සැත්කම් අතරතුර මව්වරුන් වඳ භාවයට පත් කිරීමයි.
එම වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කමට භාජනය වූ මව්වරුන් පස්දෙනෙකු අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ පරිපාලන නිළධාරිනියට සහ රෝහල් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ සිසේරියන් සැත්කමින් පසු නැවත පිළිසිඳගැනීමක් සිදුනොවූ බව සහ සංකූලතාවන්ට මුහුණ පෑ බව සඳහන් කරමින්.
වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිව මීට පෙරද මව්වරුන් කිහිප දෙනෙකු විසින් පැමිණිලි කළ බවත් එම මව්වරුන් සහ අද දිනයේ පැමිණිලි කල මව්වරුන් පිළිබඳව ඉදිරියේදී වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන බව රෝහල් පාලනාධිකරිය අප කළ විමසීමකදී සඳහන් කළා.
මේ අතර රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම සිද්ධිය පිළිබඳව අදහස් පල කළා.
මේ අතර අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිල්ලක් වෙතොත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කල හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
VIDEO