ඉන්දීය මහ මැතිවරණයේ ඡුන්ද ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
අදියර 7 ක් යටතේ පසුගිය අප්‍රේල් 11 වනදා ආරම්භ වූ ඡන්ද විමසීම මැයි 19 වනදායින් අවසන් වුණා.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව මිලියන 900 ක්.
ඇතැම් විශ්ලේෂකයන් පෙන්වාදී ඇත්තේ නිකුත්වීමට නියමිත ප්‍රතිඵලවලට අනුව වැඩි වාසි වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හිමිකරගනු ඇති බවයි.
කෙසේ වෙතත් එය හුදෙක්ම ප්‍රචාරයක් පමණක් බවත් සැබෑ ප්‍රතිඵලය ඊට වෙනස් විය හැකි බවත් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අපේක්ෂක රාහුල් ගාන්ධි ප්‍රකාශ කර තිබුණා.
..