අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු පැරීසියේ, අයිෆල් කුළුණ තරණය කිරීමට උත්සාහ කිරීමත් සමඟ එය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඊයේ පස්වරුවේ නාඳුනන පුද්ගලයෙකු අයිෆල් කුළුණේ දෙවන මහල දක්වා ගොස් ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එහි සිටි සියලූම ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුව එම පරිශ්‍රයේ ආරක්ෂාව තර කරමින් අයිෆල් කුළුණ නැවත දැනුම් දෙන තුරු නරඹන්නන් සඳහා විවෘත නොකිරීමට බලධාරීන් තීරණය කරනු ලැබුවා.