Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
"ජාතීන් වශයෙන් බෙදී ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනිමට ඉඩ තබන්න එපා!" - ජනපති කියයි

- "ජාතීන් වශයෙන් බෙදී ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනිමට ඉඩ තබන්න එපා!" - ජනපති කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,173 Views
ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
 
රට කැඩීමේ ත්‍රස්ත අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙසටයි ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ.
 
අද (17) පස්වරුවේ ගාල්ල, හික්කඩුව, තොටගමුව පුරාණ රත්පත් රාජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

මෙහි දී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ අප්‍රේල් 21 වන දා ප්‍රහාරය මෙරට ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තරයේ ප්‍රශ්නයක් බවයි.
 
එය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් බවට පත්කරගනිමින් කටයුතු කිරීමට ජනතාව පෙළඹුණහොත් ඒ තුළින් රටක් වශයෙන් මුහුණදීමට සිදුවන අසීරුතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කර තිබෙනවා.
 
තමාට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙනුත්, එම ත්‍රස්ත ප්‍රහාරය හමුවේ නැගි සිටිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම තමා ගත් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියා.
 
කුමන අභියෝග හමුවේ වුව ද ත්‍රස්තවාදය රටෙන් තුරන් කර දැමීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
 
සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය සහ සියලූ සත්වයන්ට ආදරය, සෙනෙහස දැක්වීම පිළිබඳ බෞද්ධ දර්ශනය තුළින් මනා මගපෙන්වීමක් සිදුකරන අතර, කිසිදු අධ්‍යාත්මික දර්ශනයක් තුළ මිනිසුන් ඝාතනය කිරීමට උගන්වා නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
 
මෙරට විසු අසමසම කවීන්ද්‍රයාණන් වහන්සේ ලෙස සැලැකෙන ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩ විසු පුණ්‍ය භූමිය වන තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය කේන්ද්‍රකර ගෙන අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
 
තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය පූජා නගරයක් බවට පත් කිරීම ද මෙහිදී සිදු කෙරුනා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top