කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අඹු සැමි යුවලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර ප්රදේශයේ පදිංචි පුද්ගලයින් 5 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 32 ක මුදලක් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මතයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කොලොන්නාව ප්රදේශයේ පදිංචි මොවුන් අම්පාර ප්රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා.
සැකකරුවන් අම්පාර කම්කරු විනිශ්චය සභා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.