මිනුවන්ගොඩ ප්‍රදේශයේ ද තත්ත්වය සාමකාමී බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ පොලිසිය වෙත අද කැදවා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඇති වු නොසන්සුන්කාරි සිද්ධින් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 60 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට අමතරව, තවත් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර, මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, පසුගිය දින කිහිපයට සාපේක්ෂව දිවයින පුරා පාසල් වලට අද දිනයේ සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙනවා.
ඒ අනුව, අද දිනයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට සිසුන් 225 ක්, විශාකා විද්‍යාලයට සිසුවියන් 356 ක් පැමිණ තිබෙනවා.
සිසුන් 470 ක් ආරක්ෂක විද්‍යාලයටත් , නාලන්දා විද්‍යාලයට සිසුන් 157ක්, තර්ස්ටන් විද්‍යාලයට සිසුන් 55 ක් සහ කොළඹ මහානාම විද්‍යාලයට සිසුන් 158 ක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් සිසුන්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තහවුරුවක් රජය විසින් ලබා දිය යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ කිසිදු බියකින් තොරව තම දරුවා පාසලට එවන ලෙසටයි.