මාර්ක් සකර්බර්ග්ව බොහෝ දෙනෙක් දැන අඳුනගන්නේ ෆේස්බුක් නිර්මාතෘවරයා විදිහටයි. මොහු එහි වර්තමාන සභාපතිවරයා ද වනවා.
වර්ෂ 2010 දී සුප්‍රකට 'ටයිම්ස් සඟරාව' විසින් සකර්බර්ග් 'වසරේ පුද්ගලයා' ලෙස නම් කරනවා. 2011 වර්ෂය වෙද්දි සකර්බර්ග්ගේ මුළු වත්කම බිලියන 13.5ක් ලෙස තක්සේරු කරනු ලබනවා.
ඔබට අද නැතුවම බැරි 'ෆේස්බුක්', එහෙම නැත්තම් 'මුහුණු පොත', 'නිල්පාටින්ම ඇයි?' කියලා දන්නවද? ඒකට හේතුව මාර්ක් සකර්බර්ග් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙක්. ඔහුට රතු සහ කොළ කියන වර්ණ හොඳින් පෙනෙන්නෙ නැහැ.
සකර්බර්ග්ගේ පියා දන්ත වෛද්‍යවරයෙක් වන අතර මව මනෝචිකිත්සකවරියක්. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු සිටිනවා.
ඒ වගේම තමයි ෆේස්බුක් නිර්මාතෘවරයා යුදෙව් ජාතිකයෙක්. වසර 2011 දී ඔහු යුදෙව් ජාතිකයින් අතරින් ප්‍රබලතම පුද්ගලයා බවට නම් කරනු ලබනවා.
සකර්බර්ග් 2012 දී විවාහ වෙන්නේ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ ප්‍රිෂිලා චෑන් සමඟයි.
මේ වන විට ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.
මාර්ක් සිය උපන්දිනය ඊයේ (14) දිනයේ සැමරූ අතර ඒ ඔහුගේ 35 වන උපන්දිනයයි.