Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරුමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුට පිං පමුණුවීමට ආ පුජක පොලිස් දැලේ

- කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරුමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුට පිං පමුණුවීමට ආ පුජක පොලිස් දැලේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,418 Views
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරුවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු මොහොමඩ්  ඉන්සාෆ් අහමඩ් නැමැත්තා වාසය කළ දෙමටගොඩ පිහිටි නිවස මේ වනවිට වසා දමා තිබෙන අතර නිවසේ ගෘහමූලික කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහීම් සහ දරුවන්ද ලේලියන් කිහිපදෙනෙකුද පොලිස් රැඳවුම් භාරයේ පසු වෙයි.  මේ අතර තඹ කම්හලේ හිමිකරුගේ බිරිය වාසය කළ බව කියන ඇගේ පරම්පරාවෙන් උරුමවූ කොල්ලුපිටිය නිවසක්ද ඇති බව සදහන්.

බෝම්බ සිදුවීමට පෙර තමුන් සැම්බියාවට යන බව කියා ඉන්සාෆ් අහමඩ් බිරියව නතරකර ගොස් තිබුනේ එහිය.

බෝම්බ සිද්ධියෙන් පසු ඇය පොලිස් භාරයට ගත් පසුව එම නිවස වසාදමා තිබෙනවා. මේ අතරවාරයේ එම නිවසට පැමිණි සැකකටයුතු පිරිසක් ගැන පොලිසියට ඔත්තුවක් ලැබී තිබෙනවා . ත්‍රී රෝද රථයකින් ඔවුන් පැමිණ තිබූ අතර නිවසට ඇතුලුවී කිසියම් යාතිකා දේශනා කරමින් සිටිනු ඒ ගැන පරීක්ෂා කිරීමට ගිය පොලිසියට හදුනාගන්නට ලැබී තිබෙනවා.

සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට බව පොලිසිය හඳුනාගෙන ඇති බවත් සදහන්.

එවැනි කටයුත්තකට දායකවීමට ඔවුන් පැමිණීම සැක උපදවන්නක් නිසා වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසිය පූජකවරයා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පූජකවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ බවත් වාර්තා වන අතර සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top