පසුගිය දින දෙකේ ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් පදනම් කරගනිමින් වයඹ පළාතට ඊයේ පස්වරු හයේ සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ගම්පහ පොලිස් කොට්ඨාශයට ද ඊයේ රාත්‍රී හතේ සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරුණු බවයි.
මේ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 9 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4ට අවසන් වුණා.
මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ප්‍රචන්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ වන පුද්ගලයින්ට පොලිස් වාර්තා ලබාගැනීමේදීද එහි අදාළ කරුණු සටහන් කර එය ලබාදෙන බවයි.
මෙම නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 60 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් අය අතර, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර, මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ද ඇතුළත්.