Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
දේශපාලන තනතුරුවලට තමන්ගේ නම ඈදා ගැනීම ගැන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක් - Video

- දේශපාලන තනතුරුවලට තමන්ගේ නම ඈදා ගැනීම ගැන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,851 Views
රටේ වත්මන් තත්ත්වය හමුවේ විවිධ මාධ්‍ය හරහා ඇතමුන් තමන් වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසු බව සඳහන් කිරීම පිළිබඳ තමන් මවිතයට හා කනගාටුවට පත්වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙන්නේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

"විවිධ මාධ්‍ය හරහා මේ රටේ සිදුවී ඇති වත්මන් තත්ත්වය සඳහා මා වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසුයැයි සදහන් කිරීම විවිධ පුද්ගලයන් මගින් පළ වී තිබීම මාගේ මවිතයට හා කනගාටුවට හේතු වී ඇත. 

මා කතෝලික පුජා ප්‍රසාදීතුමෙකු හා රදගුරුතුමෙකු වශයෙන් මාගේ අරමුණ හුදෙක් ආධ්‍යාත්මක හා ආගමික මෙහෙවරක යෙදීම පමණි. 

මම මේ රටට හා ජනතාවට මෙන්ම අපේ උතුම් වූ සංස්කෘතියට ඉමත් සේ ආදරය කරමි. 

එය රැක ගැනීම සඳහා අධ්‍යාත්මිකව මා හට කළ හැකි යමක් වේද ඒ සදහා කැප වීම විනා වෙනත් කිසිම බලාපොරොත්තුවක් නැති බව සහතික කරමි. 

මාගේ එකම දේශපාලනය දෙවියන්වහන්සේට හා මාගේ ආදරණීය ජනතාවට සේවය කිරීමයි. 

ඒ සදහා දේශපාලන න්‍යාය ධර්මයන් ඉස්මතු කිරීම හෝ යම් පක්ෂයකට සහයෝගය දීමට හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් වීමට කිසිම උත්සාහයක් හෝ අභිලාශයක් නොමැති බව සදහන් කිරීමට කැමැත්තෙමි. 

මාගේ කෙරෙහි විශ්වාසය තබමින් ඇතැම් උදවිය කළ ප්‍රකාශ ගැන මම ස්තුතිවන්ත වෙමි. 

එය එතැනින් නවතිනු ඇතැයි බලාපොරොත්තු වෙමි".

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top