Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
ආණ්ඩුකාර හිස්බුල්ලා ඉවත්කරන ලෙස ඉල්ලා නැගෙනහිර හර්තාල් - Video

- ආණ්ඩුකාර හිස්බුල්ලා ඉවත්කරන ලෙස ඉල්ලා නැගෙනහිර හර්තාල් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,524 Views
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.
 
මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ බොහෝ වෙළඳසැල් වසාතිබූ අතර බස්රථ සේවාවන් ක්‍රියාත්මක වුණේ නැහැ.
 
මෙම හර්තාල් ව්‍යාපාරය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වන ත්‍රිකුණාමලය, කන්තලේ සහ සේරුනුවර නගර වල ක්‍රියාත්මක වුණා.
 
එය සංවිධාන කර තිබුනේ නැගෙනහිර සුරුකීමේ සංවිධානයයි.

ත්‍රිකුණාමලය නගරයේ ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාර හේතුවෙන් එහි වෙළඳසැල් සහ පෞද්ගලික ආයතන සියල්ලක්ම පාහේ වසා දමා තිබුණා.
 
අප වාර්තා කරුවන් සඳහන් කළේ බොහෝ පාසල් ද වසා දමා තිබූ බවයි.
 
හර්තාලයට සහය පල කර නගරයේ ඇතැම් ස්ථාන වල ටයර් පුළුස්සා තිබුණා.
 
ත්‍රිකුණාමලය ප්‍රධාන බස්රථ නැවතුමේ සිට ක්‍රියාත්මක වන සියළු පෞද්ගලික බස්රථද අද දිනයේ ධාවනය නොවූ අතර ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ කිහිපයක් පමණක් ධාවනය වුණා.
 
එලෙස ධාවනය වූ බස් රථ දෙකකට පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
 
ත්‍රිකුණාමලයේ ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය පිළිබඳව එහි සංවිධායකයන් අදහස් පළ කළා.
 
පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ නගරයේද අද හර්තාල් ක්‍රියාත්මක වුණා.
 
කන්තලේ නගරයේ පෞද්ගලික බස් රථ සේවාද මෙම හර්තාලයට සහය පළ කර ධාවනයෙන් ඉවත් වී තිබූ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ගමන් වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක කර තිබුණා.
 
මීට අමතරව ත්‍රිතුණාමලය දිස්ත්‍රික්කයේ සෙසු නගර වන සේරුනුවර සහ නිලාවේලි ඇතුළු නගර වලද නැගෙනහිර ආණුඩුකාරවරයාට එරෙහිව හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා.
 
කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කයට අයත් කින්නියා නගරයේ හර්තාල් පැවැත්වුණේ නැහැ.
 
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජය වික්‍රම ළමාහේවා මහතා එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සිදු කරන සත්‍යග්‍රහයද අද 8 වන දිනටත් ක්‍රියාත්මක වුනා.
 
මේ අතර ග්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රට තුල උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව අදහස් පළ කලා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top