පසුගියදා ලොවපුරාම ආන්දෝලනයක් ඇතිකරමින් ස්විස් බැංකුවේ ගිණුම් හිමියන් කිහිපයකගේ තොරතුරු ලොවට අනාවරණය වුනා. ඒ අනුසාරයෙන් මේ වන විට ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) විසින් බැංකු ගිණුම්කරුවන් හා ඔවුන් අයිති රටවල් පිළිබඳව තොරතුරු හෙළිකර තිබෙනවා.
එහි සඳහන් වන තොරතුරු අනුව මේ වන විට ලාංකිකයන් 92කගේ රහසිගත ගිණුම් ස්විස් බැංකු තුල ඇති බවට පැවසෙනවා. එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එහි ලාංකිකයින්ට අදාල ගිණුම් 129ක් ඇති බවයි.
එමෙන්ම ඔවුන් නිකුත්කර ඇති තොරතුරු අනුව එහි වැඩිම වටිනාකමක් ඇති ගිණුමේ ඇමරිකානු ඩොලර් මිලියන 10.7ක් තැම්පත් කර තිබෙනවා. තවද ඉහත දැක්වූ ගිණුම් 129 ඇති මුළු මුදලේ අගය ඩොලර් මිලියන 58.3ක් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. කෙසේ නමුත් මෙම මුදල් අයිති පිරිසගේ නම් හෙළිකිරීමට ඔවුන් කටයුතු කර නැහැ.

මේ පිලිබඳ මීට පෙර වාර්තාව
මෙතනින්...