මැදවච්චිය ඉසින්බැස්සගල ඇහැලගහ වංගුව ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී සිදු වූ හදීසි රිය අනතුර පමණට වඩා බර පැටවීමත් රේල් පීලි සහ සේවකයින් අනාරක්‍ෂිත අයුරින් ප්‍රවාහනය කිරීම නිසා සිදු වූවක් බවට මූලික පරීක්‍ෂණ සිදු කරන මැදවච්චිය පොලීසිය විසින් සැක පල කර සිටිති.
මැදවච්චිය සිට කිලිනොච්චි දක්වා ගමන්ගත් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක දුම්රිය පීලි පමණට වඩා අනාරක්‍ෂිත අයුරින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීම නිසා මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්‍ෂණ සිදු කරන මැදවච්චිය පොලීසය විසින් ප්‍රකාශ කරති.