ස්විස් බැංකු යනු ලොව ඉහල පෙලේ ව්‍යාපාරිකයින් විසින් තමන් මිලියන ගණනින් උපයාගන්නා නිත්‍යානුකූල හෝ නිත්‍යානුකූල නොවන අන්දමේ මුදල් තැම්පත් කරන බැංකු වේ. මෙහි ව්‍යාපාරිකයින් පමණක් නොව ලොව විවිධ රටවල් වල දේශපාලකයින් මෙන්ම ක්‍රීඩකයින්ට මුදල් තැම්පත් කරනු ලබයි.
මෙලෙස මුදල් තැම්පත් කල පසු ඔවුන්ගේ ගිණුම් පිළිබඳව කිසිදු තොරතුරක් වෙනත් අයෙකුට ලබා නොදීමට මෙම බැංකු වග බලා ගනී.
කෙසේ නමුත් ලොව ප්‍රමුඛ පෙලේ පුවත් ආයතන වන BBC හා The Guardian විසින් මේ වන විට එම ස්විස් ගිණුම් වල රහසිගතව මුදල් තැම්පත් කල පිරිසකගේ තොරතුරු අනාවරණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මේ වන විට ලොව පුරා වෙසෙන ධනපතියන් 30,000කගේ පමණ නම් ඔවුන් විසින් හෙළිකොට ඇත.
2005 - 2007 යන වසර දෙක අතරතුර මෙම පිරිස විසින් ස්විස් බැංකුවල තැම්පත් කර ඇති මුදල් වල වටිනාකම ඩොලර් බිලියන 120ක් පමණ වේ. කෙසේ නමුත් මෙම නම් ලැයිස්තුවේ ඉන්දීය ව්‍යාපාරිකයින් රැසක් මෙන්ම ලොව ප්‍රබල චරිත කිහිපයකගේම නම් ගම් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.