Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
03
අපහාසාත්මක ලිපි මුද්‍රණයට යොදා ගත් බවට සැක පරිගණයක් සහ ඡායාපිටපත් යන්ත්‍රයක් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයෙන් සොයා ගනී - Video

- අපහාසාත්මක ලිපි මුද්‍රණයට යොදා ගත් බවට සැක පරිගණයක් සහ ඡායාපිටපත් යන්ත්‍රයක් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයෙන් සොයා ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,643 Views
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ තිබී අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 36 වන මහලේ පිහිටි එම අමාත්‍යාංශයේ කාර්යාලයකින් ඒවා සොයාගත් බවයි.
 
එසේම, ජනාධිපතිවරයා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී මෙන්ම ජාතීන් අතර අසමගිය ඇතිවන වචන ඇතුළත් ලිපි 639 ක් සමඟ අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සේවකයන් 03 දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබුණා.

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි මෙම පුද්ගලයන් ලිපි තොගය තැපැල් කිරීමට උත්සාහ කිරීමේදී ඒ පිළිබදව සැක මතුවීම හේතුවෙන් අදාළ ලිපි පොලීසිය විසින් විවෘත කර තිබෙනවා.
 
එහිදී අනාවරණ වුණේ ජනාධිපතිවරයාට අපකීර්තියක් වන සහ ජාතික අසමගියට හේතු වන කරුණු මෙම ලිපිවල අඩංගු බවයි.
 
ඒ අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ.
 
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍ය ධුරය දරණ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට අනුයුක්තව සේවය කරන 28 හැවිරිදි කරන්දෙනිය ගෙදර සම්පත් කුමාර, 41 හැවිරිදි ධනූෂ ප්‍රියදර්ශන සහ 24 හැවිරිදි කවිඳු තක්ෂිල වීරසේන නැමැති අයයි.
 
ඔවුන් මහනුවර - වත්තේගම, අලව්ව සහ පොල්ගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
 
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම ලිපි මහනුවර ප්‍රදේශයේ විහාරස්ථාවලට තැපැල් කිරීමට සූදානම් වූ බවට ද හෙළි වී තිබෙනවා.
 
කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ සැකකරුවන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියා.
 
ඉන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර සහ මාධ්‍යවේදීන් අතර මෙවැනි සංවාදයක් ඇතිවුණා.
 
අප මේ සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීමක් කළා.
 
එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් තම කාර්ය මණ්ඩලයේ සේවය කරන බව අමාත්‍යවරයා පිළිගත්තා.
 
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තුන්දෙනා තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශ භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top