ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆවාස් පැය 72 රඳවාගැනීමට අවසර හිමිව තිබෙනවා.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් මෙලෙස සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර හිමිවූවා.
සැකකරු කෙසෙල්වත්ත ප්රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලීසිය සඳහන් කළේ කෙසෙල්වත්ත ප්රදේශයේ මහල් නිවසක රැදී සිටින බවට ලද තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සතුව තිබී එම සංවිධානයට අයත් බවට පැවසෙන දේශන අඩංගු දත්ත ගබඩාවක් ද සොයාගෙන තිබෙනවා.