Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
"ඔහු අමනුස්සයෙක් වුණා, මේ සියල්ල සිදු වුණේ ඕස්ට්‍රේලියාවේ ගිහින් ආවට පස්සේ... " - දෙහිවලදී ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සහෝදරිය හෙළි කරන කතාව - Photos

- "ඔහු අමනුස්සයෙක් වුණා, මේ සියල්ල සිදු වුණේ ඕස්ට්‍රේලියාවේ ගිහින් ආවට පස්සේ... " - දෙහිවලදී ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සහෝදරිය හෙළි කරන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

133,305 Views
හිතාගන්න බෑ ඔහු මේ වගේ තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා..
 
මම නිතරම ඔහුට එරෙහිව කතා කළා...
 
දෙහිවල ලැගුම්හලකදී පුපුරා ගිය බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස හඳුනාගෙන ඇත්තේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමැත්තායි.
 
ඔහු තාජ් සමුද්‍රා හෝටලයේ මරාගෙන මැරෙන පිපිරීමක් සැලසුම් කර තිබුණත්, ඔහු එම හෝටලයට ගොස් එහි පිරිස අඩුවීම හේතුවෙන් නැවත දෙහිවල ඔහු සිටි ලැගුම්හලට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
මෙම මරාගෙන මැරෙන බෝම්බකරුගේ සහෝදරිය සමඟ විදෙස් මාධ්‍යයක් සම්මුඛ සාකච්ජාවක් පවත්වමින් ඔහු පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඇය පවසන්නේ, අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමැති මරාගෙන මැරෙන බෝම්බකරු සිය සහෝදරයෙකු බවත්, ඔහු එංගලන්තයේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරුවෙකු ලෙස උපාධිය හැදැරූ බවයි.
 
ඔහු කුඩා කාලයේ අහිංසක, යහපත් ගති පැවතුම් ඇති පුද්ගලයෙකු බවත්, පශ්චාත් උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය පසු ඔහු අන්තවාදියෙකු බවට පත් වූ බව ඇය හෙළි කරනවා.
 
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය නිමවා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ පෙර සිටි සහෝදරයා නොවන බවයි, ඇය පවසන්නේ.
 
"දිග රැවුලක් වවා ගත් ඔහු මනුස්සකමක් නැති මනුස්සයෙක් බවට පත් වුණා.. ඔහු හැමවිටම කල්පනා කර කර සිටි අතර කිසි කෙනෙකු සමඟ හිනාවුණේ නැහැ..." මරාගෙන මැරෙන බෝම්බකරුගේ සහෝදරිය පවසනවා.
 
වැඩිදුරටත් ඇය විදෙස් මාධ්‍යයක් වෙත මෙලෙස පවසා තිබුණා.
 
"ඔහු කුඩා කාලයේ සංගීතයට හරි ලැදි කෙනෙක්. මට හිතාගන්න බෑ ඔහු මේ වගේ තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා.. මේ ව්‍යසනය සිදු කරන්න කලින්, ඔහු ඔහුගේ දරුවන් සමඟවත් සුහද ලෙස කතා කළේ නැහැ.... අඩුම තරමේ ළමයින්ට සංගීතෙටවත් සවන් දෙන්න ඉඩ දුන් නැහැ... ඔහු අමුතුම මනුස්සයෙක් බවටයි පත් වෙලා හිටියේ.. මේ සියල්ල සිදු වුණේ ඕස්ට්‍රේලියාවේ ගිහින් ආවට පස්සේ... මම නිතරම ඔහුට එරෙහිව කතා කළා. හැබැයි ඔහු කතාව පටන් ගත්තේ ආගම මුලට දාලා... ඔහු අපේ මහගෙදරත් වික්කා.. විටින් විට දේපල විකුණමින් නැවත මිලදී ලබා ගැනීමත් ඔහු සිදු කළා.."
 
මේ මරාගෙන මැරෙන බෝම්බකරු ගම්පොළ ප්‍රදේශයේ මූලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක උසස් අධ්‍යාපනය හැදැරූ බවයි ඇය පවසන්නේ.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ කුඩා කල ජායාරූප කිහිපයක් පහතින්...


ඔහු තාජ් සමුද්‍රා හෝටලයේ මරාගෙන මැරෙන පිපිරීමක් සැලසුම් කර තිබුණත්, එහි පිරිස අඩුවීම හේතුවෙන් එම උත්සහය අතැර තිබෙනවා. ඉන් අනතුරුව ඔහු එය පුපුරවා හරින්නේ වෙනත් ලැගුම්හලකදී යි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top