වත්තල නායකකන්ද ප්‍රදේශයෙන් සැක කටයුතු ලොරියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ කොටහේනේදී අත්අඩංගුවට ගත් අයෙකුගෙන් ලද තොරතුරකට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
වත්තල - නායක්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැක සහිත ලොරි රථය ෂැංග්‍රිලා හෝටලයට පැමිණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
WP- DAE 4197 දරන සැක සහිත ලොරි රථය අද නායක්කන්ද ප්‍රදේශයේ තිබියදී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.