Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර විශේෂ හමුවක්

- ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර විශේෂ හමුවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,990 Views
රට හමුවේ මතුව ඇති අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
 
ඊට අවශ්‍ය නායකත්වය, පහසුකම් සහ මග පෙන්වීම් නොමදව ලබාදීමේ වගකීම තමා ඉටු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමග ඊයේ කොළඹදී පැවති විශේෂ හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා.
 
රට තුළ මතුවූ හදිසි තත්ත්වය හමුවේ ගෙවී ගිය දින කිහිපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූදෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර ද ජනාධිපතිවරයා එහිදී අගය කර තිබෙනවා.

රටේ සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළා.
 
රට තුළ මතුවූ බලාපොරොත්තු නොවූ මෙම හදිසි තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුහුණදීමට සිදු වුව ද, ශ්‍රී ලංකා ජාතියේ අතීත අත්දැකීම් මෙන්ම නොමද ජාත්‍යන්තර සහය හමුවේ එම අභියෝගය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවයි ජනාධිපතිවරයා විශ්වාසය පළකළේ.
 
ගතවූ වසර 4 දී රට තුල තහවුරු කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සමග මෙම අනපේක්ෂිත තත්ත්වය පිළිබද කවුරුන් කුමන ආකාරයේ විග්‍රහ, විවේචන සහ මත පළ කළ ද මෙම සිදුවීම පිළිබඳ සැබෑ අවබෝධයකින්, අවංකව සහ රට ගැන හැගීමකින් යුතුව කටයුතු කිරීම සියලූදෙනාගේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නා.
 
ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වූ මෙම ත්‍රස්තවාදි ව්‍යාපාරය වසර 30 ක් අප රට මුහුණ දුන් එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදයට වඩා වෙනස් වූවක් වන අතර ඊට මුහුණදිය හැක්කේ ඊට අනුකූල උපක්‍රම මගින් බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
 
ලොව රටවල් රැසකට අභියෝගයක් වූ මෙම ත්‍රස්ත ව්‍යාපාරය මර්දනය සදහා මේ වන විට ලොව බලවත් රටවල් අතගසා තිබෙන අතර, ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වය පිළිිබදව ද එම සියලූදෙනාගේ අවධානය යොමු කර එම ත්‍රස්ත ව්‍යාපාරය ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශන, තාක්ෂණික දැනුම මෙන්ම සියලූ සහය ලබාදීමට එම රටවල් මේ වන විට ඉදිරිපත්ව සිටින බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.
 
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම මෙන්ම ත්‍රස්තවාදය ද අද ලෝකයේ එකම ජාලයක් බවට පත්ව ඇති බවයි.
 
මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමට ප්‍රබල සටනක් ක්‍රියාත්මක කර ඇති මෙම අවස්ථාවේ මතුවූ මෙම ත්‍රස්තවාදය ද එකම මුලාශ්‍රයක් විය හැකි බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන් අතර රට හමුවේ ඇති මෙම සියලූ අභියෝග සාමුහිකව ජය ගැනීමට ශ්‍රී ලාංකීය ජාතියේ ශක්තිය දැනුම, අවබෝධය මෙන්ම ජාත්‍යන්තර සහාය ද උපරිමයෙන් මෙම අවස්ථාවේ භාවිතයට ගත යුතු බවයි අවධාරණය කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top